අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විස්තරය කෙටියෙන්….  දුනිත් වෙල්ලාලගේ සහ ඉන්දියාව අතර තරගයෙන් ශ්‍රී ලංකාව පරාදයි…

by editor
සැප්තැම්බර් 12, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

අන්තිමට අපට හිතෙන්නේ මෙහෙමය.

දුනිත් වෙල්ලාලගේ සහ ඉන්දියාව අතර අද ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී  තරගයක් තිබුණේය. දුනිත් වෙල්ලාලගේ එක් අන්තයක නොදැවී සිටියේය. පන්දු 46ක් තුළ එක් හයේ පහරක් සහ හතරේ පහර 03ක් සමගින් ලකුණු 42ක් ගෙන නොදැවි සිටියේය. ඔහු ජයග්‍රහණය කරා කණ්ඩායම රැගෙන යන්නට උත්සාහ කරද්දී අනෙක් අන්තයේ සිටි උන් එකා පිට එකා දැවි ගියේය.   පන්දු ඕවර 41.3ක දි සියල්ලන් දැවී ගියේය.

ඉතින් ශ්‍රි ලංකා කණ්ඩායම ලකුණු 41කින් පරාදය.

දුනිත්… නොදැවී ලකුණු 42යි… ලකුණු 40ට කඩුළු 05යි…

ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණ සඳහා තිබුණේ ලකුණු 214ක ඉලක්කයක්ය. හැමෝම හිතුවේ ඉවසිලිවන්ත ලෙස ක්‍රිඩා කර පළපුරුදු පිතිකරුවන් කණ්ඩායම ජයග්‍රහණය කරවනු ඇත කියාය.  අන්තිමට බලන් හිටිය අපට කියැවුනේ අනේ අපොයි කියාය.

පැතුම් නිශ්ශංක ලකුණු 06කට, දිමුත් කරුණාරත්න ලකුණු 02කට, කුසල් මෙන්ඩිස් ලකුණු 15කට, සධීර සමරවික්‍රම ලකුණු 17කට, චරිත් අසලංක ලකුණු 22කට ආදී වශයෙන් මුල් පෙර වෘත්තීය පිතිකරුවෝ පෝළිමට ක්‍රීඩාගාරයට ගියහ.  පන්දු යවා හොඳටම ගුටි කෑ දසුන් මේ වරත් පීඩනයක් සහිත අවස්ථාවක වගකීම ගෙන කණ්ඩායම ගොඩ දැමීමට අපොහොසත් විය. ලකුණු 09ක් ලබා සිටිය දී ඉතාම දුර්වල පහරක් එල්ල කර ඔහු ලකුණු 09කට දැවී ගියේය.

මේ තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමට පිතිකරණයේ දී  බලාපොරොත්තු ගෙනාවේ ධනංජය ද සිල්වා සමග එක්වූ දුනිත් වෙල්ලාලගේය. 7 වැනි කඩුල්ල වෙනුවෙන් ඔවුන් ලකුණු 63ක බලාපොරොත්තු සහගත සම්බන්ධතාවයක් ගොඩ නැගූහ.  ධනංජය පන්දු 66ක් තුළ හතරේ පහර 05ක් සමගින් ලකුනු 41ක් රැස් කළේය. එහෙත් ඉතාම අවශ්‍ය මොහොතේ ඔහු අර්ධ පහරක් එල්ල කිරිමට ගොස් රවීන්ද්‍ර ජඩේජාගේ පන්දුවකට ශුබ්මන් ගිල් අතට උඩ පන්දුවක් දි දැවී ගියේය. ඔහු ඒ මොහොතේ ඒ අවිශ්වාසනීය පහර එල්ල නොකළා නම් තරගයේ ප්‍රතිඵලය මීට වෙනස් වීමට ඉඩ තිබිණි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කුල්දීප් යාදේව්… ලකුණු 43ට කඩුළු 04යි…

ඉන් අනතුරුව දුනිත් පන්දු යවන්නාගේ අන්තයේ බලා හිඳිද්දී පන්දු ඕවර 4ක් තුළ ලකුණු 10කට ඉතිරි පිති කරුවන් තිදෙනා දැවී ගියේය.  ඒ මහීෂ් තීක්ෂණ ලකුණු 02කට, කසුන් රාජිත ලකුණු එකකට සහ මතීෂ පතිරණ ලකුණු නොලබා ගෙනය.

ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කලේ පන්දු ඕවර 41.3ක් පමණි. සියල්ලෝ ලකුණු 172කට දැවී ගියහ.

පන්දු යැවීමේ දී අප පැවසූ ලෙසම කුල්දීප් යාදේව් සිය වික්‍රමය කළේය. ඔහු පන්දු ඕවර 9.3ක දී කඩුළු 04ක් ලැබුවේය.   සධීර සමරවික්‍රම සහ චරිත් අසලංක ගොදුරු කරගත් ඔහු අවසන් කඩුළු 02ක  හිටිවනම බිඳ දැම්මේය.

ජස්පිට් බුම්රා ලකුණු 30ට කඩුළු 02ක් ද, රවීන්ද්‍ර ජඩේජා ලකුණු 33ට කඩුළු 2ක් ද  මොහොමඩ් සිරාජ් සහ හර්දික් පාණ්ඩ්‍යා කඩුල්ල බැගින්ද බිඳහෙළුවේය.

දුනිත් සහ චරිත්…

මේ තරගය මේ තරම් තරගකාරී වූයේ දුනිත් නිසාය. ඔහු ලකුණු 40ක් තුළ ඉන්දියා කණ්ඩායමේ කඩුළු 05ක් බිඳ හෙළුවේය.  රෝහිත් ෂර්මා ලකුණු 53ක්, ශුබ්මන් ගිල්, විරාට් කෝලි, කේ.එල්.රාහුල්, හර්දික් පාණ්ඩ්‍යා ගේ කඩුළු බිඳ දැම්මේ දුනිත්ය. චරිත් අසලංකගේ පන්දුවකට ඉෂාන් කිෂාන් දවා ගැනීමට ඔහු විශිෂ්ට උඩපන්දුවක් රැක ගත්තේ ක්‍රීඩාගාරය මන්මත් කරමිනි.

චරිත් අසලංක  පන්දු ඕවර 09ක් යවා ලකුණු 18කට කඩුළු 04ක් ලැබුවේය. මහීෂ් තීක්ෂණ අවසන් කඩුල්ල දවා ගත්තේය. ඔහු කඩුල්ල දවා ගන්නාවිට ලකුණු 41ක් ලබා දී තිබිණි.

ලකුණු 41ක් ලබා ගැනීමට පන්දු ඕවර 9.3ක් ඉතිරිව තිබෙද්දී සිදුවූ මේ වේදනාත්මක පරාජය තුළ සිදුවූ එකම සිත සනසවන කාරණාව නම් ඉතාම විරල සිදුවීමකින් දුනිත් වෙල්ලාලගේ ඇගයීමය.

ඒ පරාජිත පිළේ ක්‍රීඩකයෙක් වුවත් දුනිත් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීමය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

හාල් මිල වැඩි වුනේ ඇයි?… පොලොන්නරුවේදී ගොවි මහත්තුරු තේරෙන සිංහලෙන් කියා දෙති!

Next Post

නඩු භාණ්ඩ ගබඩාවෙන්… ගංජා කිලෝ 50ක් අතුරුදහන්….

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.