දිනසේන රතුගමගේ –
කොළඹ සිට කන්කසන්තුරේ බලා ධාවනය වෙමින් තිබූ උත්තර දේවී දුම්රියේ මුරුකණ්ඩි ප්‍රදේශයේදී ගැටුණු වන අලියෙකු ඊයේ (21) මියගොස් තිබේ.
රාත්‍රියේ වර්ෂාව මැද පැමිණි දුම්රියේ රියදුරන්ට මීදුම නිසා වන අලියා දර්ශනය වී නොමැත.
වන අලියා මියයාමෙන් පසුව වන ජීවී නිලධාරීන් ඒ ස්ථානයට ගොස් ඇති අතර පරීක්ෂණ කටයුතු වලින් පසුව වන අලියාගේ සිරුර මිහිදන් කිරීමට වනජීවී නිලධාරීන් පියවර ගෙන තිබේ.