ශ්‍රියානි විජේසිංහ –
ඉමියුනෝග්ලෝබියුලින් (Immunoglobulin) ගනුදෙනුව සම්බන්ධයෙන් වෛද්‍ය සැපයුම් අංශය සතුව පවතින ලියකියවිලි පරීක්ෂා කිරීම අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් ආරම්භකර ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
මෙම ගනුදෙනුවට සම්බන්ධ වෛද්‍ය සැපයුම් අංශයේ නිලධාරින් අත්අඩංගුවට ගැනීමත් සමග සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන් පිරිසක් බියට පත්ව ඇති බවද අමාත්‍යංශය ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙසේ බියට පත්ව ඇති නිලධාරීන්ද ඉමියුනෝග්ලෝබියුලින් ගනුදෙනුවට සෘජුව හා වක්‍රව සම්බන්ධ වූවන් යැයිද පැවසේ.
මෙම ගනුදෙනුවට සම්බන්ධවී තම ගිනුම්වලට මුදල් බැරකර ගත් නිලධාරීන් කරකියා ගත නොහැකි තත්ත්වයකට පත්ව ඇති බව එම වාර්තා වැඩිදුරටත් කියයි.
රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටින වෛද්‍ය සැපයුම් අංශයේ නිලධාරීන් හතර දෙනාගේම ගිණුම්වලට ඉමියුනෝග්ලෝබියුලින් ගනුදෙනුව සිදුකළ සමාගමේ නමින් මුදල් බැර වී ඇති බවට සනාථ වීමත් සමඟ මෙම නිලධාරින් මේ ආකාරයෙන් කලබලයට පත් වී ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.