දිනසේන රතුගමගේ –
උතුරේ අධිකරණ විසින් කොටි මහවිරු සැමරුම් නතර කරණ ලෙසත් එවැනි උළෙලවල් සංවිධානය කරණ පිරිස් අත් අඩංගුවට ගැනීමට නියෝග නිකුත් කොට තිබියදීත් යාපනය විශ්ව විද්‍යාලය තුළ හා මුලතිව් කිළිනොච්චි පළාත්වල මහවිරු සැමරුම් උළෙලවල් කීපයක්ම ඊයේ ( 21 ) දිනය තුළ පවත්වා තිබේ.
යාපනය විශ්ව විද්‍යාලය හා උතුරේ දෙමළ දේශපාලන පක්ෂ එකමුතුව මහවිරු සමරු සතියක් ප්‍රකාශයට පත් කොට අති අතර එහි සමාරම්භක දිනය නිමිත්තෙන් මෙම මහවිරු සමරු උළෙල පවත්වා තිබේ.
ඔවුන් විසින් සංවිධානය කොට ඇති මහවිරු සමරු සතිය අවසන් වන්නේ නොවැම්බර් 27 වෙනිදාය.
මහවිරු සමරු උළෙල සංවිධානය කරන පිරිස් හා ඒවාට සහභාගි වන පිරිස අත් අඩංගුවට ගන්නා ලෙස උතුරේ අධිකරණවලින් නියෝග නිකුත් කොට අතත් මේ දක්වා එකම පුද්ගලයෙකු හෝ ආරක්ෂක අංශ විසින් අත් අඩංගුවට ගෙන නොමැත.