විපක්ෂ නායකවරයා කථානායකවරයාගේ අනුමැතිය සහිතව ඊයේ (21) සිය 27/1 යටතේ ප්‍රශ්නය ඉදිරිපත් කරමින් සිටිය දී මැරයෙක් ලෙස පැමිණ කතාවට බාධා කරමින් කියවමින් සිටි ලේඛනය උදුරාගෙන රැගෙන ගොස් බරපතල විනය විරෝධී ක්‍රියාවක් කළ සනත් නිශාන්තට දින 14ක පාර්ලිමේන්තුව අත්හිටවූ බව කතානායකවරයා අද නිවේදනය කළේය.
පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 146 හි විධිවිධාන ප්‍රකාරව තමා වෙත පැවරී ඇති බලතල අනුව එම තීරණය ගත් බවත් එය අද (22) දින සිට ක්‍රියාත්මක බවත් කථානායකවරයා පැවසීය.
ඊයේ සභාවේ සිදුවු එම විනය විරෝධී ක්‍රියාව බරපතළ ලෙස තමා හෙළා දකින බවත් කථානායකවරයා අවධාරණය කළේය.
ආර්ථික ඝාතනය සම්බන්ධව වගකිවයුතු බවට ශ්‍රේෂ්ඨාධිකරනය විසින් නම් කර ඇති මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ ඇතුළු කණ්ඩායමට රජයක් ලෙස ඉදිරියේ ක්‍රියාකරන ආකාරය සම්බන්ධව විපක්ෂ නායකවරයා සිය 27/2 ප්‍රශ්නය අසමින් සිටිය දී දැඩි ලෙස බාධා කළ දැඩි රාජපක්ෂවාදීන්වන සනත් නිශාන්ත ඇතුළු කණ්ඩායමක් විපක්ෂ නායකවරයාගේ ආසනය අසලට පැමිණ ඔහුට තර්ජනය කරමින් ඔහුගේ ලේඛනය උදුරාගත්තේය.