දුම්කොල සහ මධ්‍යසාර සඳහා බදු වැඩිකිරීමත් සමග මේ වසරේ පළමු මාස 04 තුළ රටේ සිගරට් භාවිතය ගිය වසරට වඩා සියයට 12.4කින් සහ මත්පැන් භාවිතය සියයට 7.4කින් පහළ ගොස් ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රන්ජිත් සියඹලාපිටිය අද (23) පාර්ලිමේනතුවේ දී පැවසුවේය.
සිගරට් අලෙවිය පහළ බැස තිබුණත් රාජ්‍ය ආදායමේ බිඳ වැටීමක් දක්නට නොලැබුණ බව ඇමතිවරයා කීවේය.
ඇමතිවරයා පැවසුවේ මිලිමීටර 60 අඩු දිග සිගරට් අලෙවිය සියයට 15.6කින්, මිලි මීටර 60 -68 දිග සිගරට් වර්ගයේ අලවිය සියයට 56.5කන් මිලිමීටර 69-72 වර්ගය සියයට 13.2කින්, මිලිමීටර 73-84 දක්වා වර්ගය සියයට 19.8කින් අඩු වූ බව කී ඇමතිවරයා මේ අඩුවීමේ සමස්ථය පසුගිය වසරේ මුල් මාස 04ට වඩා සියයට 12.4ක් බව පැවසුවේය.
නමුත් සුරාබදු වැඩිකිරීමෙන් අනතුරුව මත්පැන් අලෙවියෙන් ලද රාජ්‍ය ආදායම රාජ්‍ය ආදායම 4683කින් පහළ වැටෙන්නේ ඇබ්බැහි වූ භාණ්ඩයක් සඳහා මිල වැඩිවීමත් සමග අඩුවන අලෙවිය ඉතා ඉක්මනින් යථා තත්ත්වයට පත්වන බවට වූ ආර්ථික විද්‍යා න්‍යායට පටහැනිව බව පෙන්වා දුන්නේය.
“අලෙවිය අඩුම වෙලා තියෙන්නේ අඩු ආදායම් ලාභීන් භාවිතා කරන කාල බෝතලය. එහි අලෙවිය සියයට 43කින් අඩු වෙලා. ඔවුන් යළිත් ඇදී යන්නේ නීත්‍යානුකූල නොවන සුරා වෙළෙඳපලකට නම් රාජ්‍ය ආදායම අහිමිවීම වගේම ඔවුන්ගේ සෞඛ්‍ය පිළිබඳ සාමාන්‍ය තත්වයටත්වඩා නරක තැනකට ඔවුන් ඇදවැටිලා. මේක සංකීර්ණ ප්‍රශ්නයක්. අපට සුරා මිල අඩු කරන්න බෑ, ඒ නිසා මේ සම්බන්ධව දැඩි අවධානයකින් යුතුව කටයුතු කරන්න සිද්ධ වෙලා තියනවා.” ඇමතිවරයා කීවේය.









