ළමා වාට්ටුව හැර ඇඳන් සියයක් සහිත වාට්ටු 03කින් යුතු දිවුලපිටිය දිසා රෝහල මීට දින දෙකකට පෙර කොවිඩ් ආසාදිතන්ගෙන් පිරි ගිය බව සෞඛ්‍ය අංශ නිවේදනය කළේය. දින හතරක් තුළ රෝහලේ ඇඳන් සියල්ල පිරී ගොස් තිබිණි.
මේ වනවිට රෝහලේ ළමා වාට්ටුව කොවිඩ් ආසාදිතයන්ට ප්‍රතිකාර ගත හැකි ආකාරයෙන් කඩිනමින් සකස් වෙමින් ඇත.
මීට අමතරව අකරගම, දොම්පේ හා උඩුපිල ප්‍රදේශීය රෝ්හල් කොවිඩ් රෝහල් ලෙස කඩිනමින් පරිවර්තනයක කරමින් ඇති බව සෞඛ්‍යය අංශ වාර්තා කළේය.