ශ්‍රී ලංකා අයර්ලන්ත දෙවන ටෙස්ට් තරගයේ තීරණාත්මක අවසන් දිනයේ දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට අයර්ලන්ත කණ්ඩායම දැඩි පීඩනයකය.
ලකුණු 121කට මේ වනවිට ඔවුනගේ මුල් පෙළ කඩුළු 05ක් බිඳ වැටී ඇත. ඉනිමක පරාජයෙන් බේරීමට අයර්ලන්ත කණ්ඩායම තවත් ලකුණු 91ක් පසුපසිනි.
ආබාධයකට ලක්ව තරගයෙන් මදක් ඉවත් වී සිටි නායක ඇන්ඩි බල්බ්‍රිනි යළිත් පන්දුවට පහරදීමට පිටියට පැමිණ තිබේ. ඔහු පන්දු 83කදී හතරේ පහර 2ක් සමගින් ලකුණු 29ක් ද හැරී ටෙක්ටර් පන්දු 113ක දි හතරේ පහර 05ක් සමග ලකුණු 35ක් වාර්තා කර ඇත.
ප්‍රභාත් ජයසූරිය ලකුණු 48කට කඩුලු 02ක් රමේෂ් මෙන්ඩිස් ලකුණු 37 ට කඩුලු 02ක්, අසිත ප්‍රනාන්දු ලකුණු 22ට කඩුළු 01ක් ලබාගෙන ඇත.