මෙවර මහා මැතිවරණ මනාප ලයිස්තුවල දිස්ත්‍රික් මට්ටමින් මුලටම පැමිණි කෝඩුකාරයන් දෙදෙනා වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ පොදු ජන පෙරමුණෙන් වැඩිම මනාප හිමි කරගත් ආචාර්ය නාලක ගොඩහේවා සහ මාතර දිස්ත්‍රිත්තයේ වැඩිම මනාප හිමි කර ගත් නිපුණ රණවකයි.
ආචාර්ය නාලක ගොඩහේවා මොරටුව විශ්ව විද්‍යාලයයෙන් ඉලෙක්ට්‍රොනික විද්‍යාව පිළිබඳව උපාධි ලත් ඉංජිනේරුවකු වන ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාදි ලද්දෙකි.
ඔහු ව්‍යාපාර ක්ෂේත්‍රෙය් මුල් පුටු කිහිපයක්ම දැරු චරිතයකි. කලක් යුනිලීවර්ස් සහ එම්.ඒඑස් හෝල්ඩිංග්ස් ආයතවල සේවය කළ ඔහු පසුගිය මහින්ද රාජපක්ෂ රජය සමයේ සංචාරක මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් පත් කළේ එවකට විෂය භාර අමාත්‍යවරයා ව කටයුතු කළ බැසිල් රාජපක්ෂ මහතා විසිනි.
එයින් පසුව ඔහු ශ්‍රි ලංකා රක්ෂණ සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ අතර සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙසද කටයුතු කළේය. 2015 බලයට පත් යහපාලන රජය විසින් නගන ලද චෝදනා කිහිපයක් මත රක්ෂිත බන්ධනාගාර ගත වන්නට ද සිදු වූ අතර වියත් මඟ සංවිධානය බිහි කිරීමේ පුරෝගාමි මෙහෙයක් ඔහු විසින් සිදු කරන ලදී.
ගෝඨාභ රාජපක්ෂ මහතා නායකත්වයට පත් කිරීම සඳහා විශේෂයෙන් විවිධ වෘත්තීයවේදීන් සංවිධානය කරවීමේ කාර්යයේ විශේෂ මෙහෙයක් කළ ආචාර්ය ගොඩහේවා වියත්මඟ නියෝජනය කරමින් ගම්පහ දිස්ත්‍රික්කයෙන් පොදුජන පෙරසමුණේ ඡන්ද සටනට පිවිසි අතර බොහෝ අය වැඩිම මනාප ලාභියා ලෙස බලාපොරොත්තු තබා සිටි, 2015 සිට මහින්ද රාජපක්ෂ මහතාට ශක්තියක් වෙමින් සිටින රණතුංග පවුලේ ප්‍රසන්න රණතුංග දෙවන තැනට ඇද දමමින් මනාප 325479ක් ලබා ගෙන ඔහු මෙවර ගම්පහ දිස්ත්‍රික්කයේ මුල් තැනට පිවිසියේය.
මාතර දිස්ත්‍රික්කයේ වැඩිම මනාප හිමි කරගත්තේ පොදුජන පෙරමුණෙන් තරග කළ නිපුණ රණවකයි. ඔහු මනාප 131,000 ලබා ගත් අතර මාතර වැඩිම මනාප ලැබීමේ ලකුණු පෙන්නුම් කළ ඩලස් අලහප්පෙරුම සහ කංචන විජේසේකර අභිභවා මනාප ලබාගැනීමට සමත් විය.
මහින්ද රාජපක්ෂ පවුලේ සහෝදරියක වන අභාවප්‍රාප්ත ගාන්ධිනී රාජපක්ෂ මහත්මියගේ පුත්‍රයා වන ඔහු දෙනියායේ පදංචිකරුවෙකි. ඉඩම් හිමි වැවිලිකරුවකුගේ පුතකු වන ඔහු රාජපක්ෂ පවුලෙන් මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් වූ පස්වැන්නා මෙන්ම ලාබාලතම චරිතය වෙයි.









