දිගාමඩුල්ල – හසිනි සචින්තා ඉඳුවරි
මෙවර මහ මැතිවරණයේදී දිගාමඩුල්ලෙන් තරග වැදුනු හිටපු මැති ඇමතිවරුන් පස් දෙනකු පරාජයට පත් වන්නට වූහ.
පසුගිය යහපාලන රජයේ නියෝජ්‍ය ඇමතිවරයකු වූ අනෝමා ගමගේ මහත්මිය මෙවර එක්සත් ජාතික පක්ෂය කණ්ඩායම් නායක වශයෙන් තරග වැදුණු අතර ඇයද දැඩි පරාජයට ලක් වන්නට වූවාය.
පසුගිය යහපාලන රජයේ රාජ්‍ය ඇමතිවරියක් ලෙස කටයුතු කර දිගාමඬුල්ල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක වරියක් වශයෙන් කටයුතු කළ නීතිඥ ශ්‍රියානි විජේවික්‍රම මහත්මියද මෙම මැතිවරණයෙන් පරාජයට පත්වූවාය.
දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කරනු ලැබූ කවින්දන් කෝචිස්වරන් මහතා ද මෙවර මැතිවරණය්දී පරාජයට පත් වන්නට විය.
පසුගිය යහපාලන රජයේ මන්ත්‍රීවරයෙක් වශයෙන් කටයුතු කරනු ලැබූ ඒ.එල්.එම්. නසිර් මහතා ද සමගි ජන බලවේගයේ තරඟ කොට ජයග්‍රහණය ලබා ගැනීමට නොහැකි විය.
පසුගිය මහින්ද රාජපක්ෂ රජයේ නියෝජ්‍ය ඇමතිවරයකු ලෙස කටයුතු කරනු ලැබූ විනයාගමූර්ති මුරලිදරන් මහතා දිගාමඩුල්ල මැතිවරණ පරාජයට පත් වන්නට වූ මැති ඇමැතිවරුන් අතර සිටිති.