සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දියවඩන නිලමේ මාලිගාවේ සල්ලි කෝටි ගණන් අරලියගහ මන්දිරයට ඇදපු හැටි නිලමේ ගේ පුද්ලික සහකාර හෙළි කරයි!

දළදා මාළිගාවෙ කෝටි 09ක ඉඩම් ප්‍රයිම් ලෑන්ඩ්ස්ලට විකිණුවා... කෝටි 50ක රත්තරන්වලට වෙච්චි දෙයක් නෑ...

by editor
පෙබරවාරි 12, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මහනුවර ශ්‍රි දළඳා මාලිගාවට ලැබෙන මුදල්වලින් කෝටි ගණනක්  දියවඩන නිලමේවරයා විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට වරින් වර රැගෙන ගොස් භාර දුන් බවටත් මාලිගාව සතු ඉඩම් ප්‍රයිම් ලෑන්ඩ් සමාගමට රුපියල් කෝටි නවයකට අධික මුදලකට විකිණූ බවටත් දියඩන නිලමේවරයාගේ හිටපු පෞද්ගලික සහකාරවරයා වන නිහාල් ෆර්ඩිනැන්ඩෝ චෝදනා කරයි.

උපතින් කිතුණුවකු වු ඔහු 1970 දශකයේදී බුදු දහම වැළඳ ගත් බවත් මීට වසර කිහිපයකට පෙර භික්ෂූන් වහන්සේලා පිරිසක් පැමිණ මාලිගාවේ පවතින අකටයුතුකම් හසු කර ගැනීමේ අරමුනින් තමන්ව දියවඩන නිලමේවරයාගේ පෞද්ගලික සහකාර තනතුරට සම්බන්ධ කළ බවත් පවසන ඔහු මාලිගාවේ දියවඩන නිලමේවරයාට අක්‍රමිකතා සම්බන්ධ චෝදනා ගණනාවක් එල්ල කළේ චමුදිත සමරවික්‍රම සමඟ ටෘත් විත් චමුදිත නම් යූ ටියුබ් නාලිකා සාකච්ඡාවකට සහභාගී වෙමිනි.

එහිදී තවදුරටත් අදහස් දක්වූ  නිහාල් ෆර්ඩිනැන්ඩෝ සඳහන් කළේ මෙම අකටයුතුකම් සම්බන්ධයෙන් තමන් අල්ලස් හෝ දූෂණ කොමිසට පැමිණිලි කළ අතර තවත් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කළද විවිධ බලපෑම් හේතුවෙන් මේ විමර්ශන ඉදිරියට නොයන බවයි.

දැනට අසූ හැවිරිදි  වියේ පසුවන නිහාල් ෆර්ඩිනැන්ඩෝ  කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.  ඔහු උපතින් කතෝලිකයකු වන අතර 1970 දශකයේදී බුද්ධාගම වැළඳගෙන ඇත. පවතින තර්ජන හේතුවෙන් මේ වනවිට සැඟවුනු ජීවිතයක්  ගත කරන බව පවසන ඔහු චමුදිත සමරවිකුම සමඟ කළ පිළිසඳරේදි මෙසේද සඳහන් කළේය.

“ මීට කලකට පෙර මගේ කුරුණෑගල නිවසට ස්වාමීන් වහන්සේලා දස නමත් වැඩම කළා. උන්වහන්සේලා මාව හඳුනන අය. මට කිව්වා අපි වැඩක් දෙනව භාර ගන්න කියල. මහනුවර දළඳා මාලිගාවේ හොරකම් රැසක් සිද්ධ වෙනවා. ඒව අල්ල ගන්න උදව් කරන්න  කියල. ඒ වනවිට මට එතන කිසිම සම්බන්ධතාවක් තිබුණේ නෑ. උන් වහන්සේලා මට කීවා ගමේ පෙරහැරක් සංවිධානය කරල ඒකට ප්‍රකාශයක් දියවඩන නිලමේ තුමාගෙන් ගන්න කියල. ඒ අනුව මම පෙරහැරක් සංවිධානය කරල ස්වාස්වාමීන් වහන්සේලා කිව්ව විදිහට ගිහින් නිලමේ තුමා  හමුවෙලා ප්‍රකාශය ගත්තා. “

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

“ඊට පස්සේ ටික දිනකින් මට නිලමෙතුමාගෙන් ඇමතුමක් එනවා මගේ පෞද්ගලික සහකාර හැටියට වැඩ කරන්න කැමතිද කියල. ඒ අනුව තමයි මම එතනට යන්නේ. එදා දියවඩන නිලමේ හමුවන විට අපේ නිවසට වැඩි ස්වාමීන් වහස්නේ කිහිප නමකුත් හිටියා. ඔවුන් අතර මොනව කතා වුණාද කියල මම දන්නේ නෑ. වෘත්තියෙන් ඉංජිනේරුවකු වන මම ඒ වෙනතෙකාට ඉංග්‍රිසි උගන්වමින් සිටියේ.”

“ ඒ කටයුතු නවත්වල ටික දවසකින් මම මේ තනතුර භාර ගත්තා. මට මාලිගාවේ දියවඩන නිලමේවරයා සම්බන්ධයෙන් ලිපි ලේඛන රැසක් සහ ගනුදෙනු ගැන කරුනු රැසක් අනාවරණය කර ගන්න පුළුවන් වුණේ මේ නිසයි. “

“ඉඩම් විකුණා නව කෝටි විසි අට ලක්ෂ හැත්තෑ දාහක් හොර ඔප්පු හදල ප්‍රයිම් ලෑන්ඩ්ස් ලාට ඉඩම් කොටස් කර වික්කා. හිටපු බෞද්ධ කටයුතු කොමසාරිස් චන්ද්‍රෙප්ම ගමගේත් මේවා උදව් කළා. “

“නාමල් අංග රජමහ විහාරයේ නායක හාමුදුරුවො ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ට  ලියුමක් ලියමින් පවසනවා හිටපු ඇමති සාලින්ද දිසානායක දළදා මාලිගාවට රත්තරන් පොල් වල්ලක් පූජා කර තිබෙනවා, ඒකට මොකද වුනේ කියල සොයල බලන්න” කියල.

“දියවඩන නිලමේවරයා මාලිගාවේ මුදල් කිහිප වතාවක්ම අරලිය ගහ මන්දිරේට ගිහින් දුන්නා. ඒ අවස්ථාවලට මමත් අරලිය ගහ මන්දිරය ළඟට ගියා. සල්ලි ගණන් කිරීම පැවරුණේ මට. ඒවා මිටි බැඳලා අරන් ගියා. අරලියගන මන්දිරය ඇතුළට මාව එක්කගෙන ගියේ නෑ. මා රියදුරු සමඟ එලියේ තබා දියවඩන නිලමේවරයා බ්‍රීෆ් කේස් දෙකක් එක්ක රාළහාමිලාත් එක්ක ඇතුළට යනවා. මම මේ විදිහට තුන් හතර පාරක් අරලිය ගහ මන්දිරයට අරන් ගියා.

මාලිගාවේ එකතු වෙන සල්ලි විගණනයට ක් වෙන්නේ නෑ. ඉඩම්  ගණනාවක් විකුණලා තිබෙඉනවා. රත්රන් කෝටි  50කට වැඩිය ලැබිල ඇති. නමුත් මේවා කෙතැනකවත් ලේඛනගත වෙන්නේ නෑ. මම මේ ගැන මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන්ටත් කීවා. උන්වහන්සේලාත් මේක ගණන් ගත්තේ නෑ. අස්ගිරි නායක හාමුදුරුවෝ ලඟට ගිහාම මට තුවායක් දීල මහත්තයා මේක අරන් යන්න කියල කීවා“ යයිද පැවසීය’

එම සම්පූර්ණ සංවාදය පහත දැක්වේ. 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මැතිවරණයට ප්‍රමාණවත් මුදල් තවම නිකුත් වී නෑ… මැතිවරණ කොමිසම හෙට පක්ෂ ලේකම්රුන් කැඳවයි!

Next Post

පාකිස්ථාන අර්ථික අර්බුදයත් දිග්ගැස්සෙන අයුරු

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.