ඔමික්‍රොන් වෛරසය රටට පැමිණිමේ අවදානම ඉතා අඩු බවත් එබැවින් සංචාරකයන් සඳහා දින 14 ක නිරෝධායන කාල සීමාවක අවශ්‍යතාවක් තවම නොමැති බව ද සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.
පසුගිය කාල සීමාව තුළ කොවිඩි වැළඳුණු සංචාරකයින් මෙරටට පැමිණීමේ සංඛ්‍යාව ඉතා අඩු අගයක පැවති බව ද සංචාරක අමාත්‍යාංශය පෙන්වා දෙන බව සිරස පුවත් සේවය වාර්තා කරයි.
අමාත්‍යවරයා මෙම ප්‍රකාශ කරනු ලබන්නේ සෞඛ්‍ය අංශ විසින් කොවිඩ් ඔමික්‍රොන් වෛරසය රට තුළට පැමිණීමේ එකම හැකියාව වන සංචාරකයන් පිළිබඳව දැඩි අධීක්ෂණයක් ඉල්ලා සිටින පසුබිමක වීම විශේෂය.