මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පදිංචි, නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනය වෙමින් සිට වී සුවය ලද බවට කියන පිරිසක් ඊයේ (25) දින 14ක නිරෝධායන කොන්දේසි යටතේ මුදා හැර ඇතැයි මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ලංකාසරට පැවසීය.
මෙම පිරිස නිරෝධායන කඳවුරුවලින් හා රෝලවලින් මුදා හැරිය පසු වාහන මාර්ගයෙන් මිනුවන්ගොඩ පොලිස් ස්ථානයට රැගෙන එන අතර බ්‍රැන්ඩික්ස් ආයතනයේ ප්‍රවාහන සේවා මගින් පොලිස් ස්ථානයේ සිට නිවෙස්වෙත රැගෙන ගොස් තිබේ.
ගැටලුව වන්නේ මේ පිරිස් මේ වනවිට කුසගින්නේ පසුවීම බව වාර්තා වේ. මේ පිරිස් වෙත වියලි ආහාර ද්‍රව්‍ය හෝ ලබා නොදීම මෙන්ම සමාජයට පිවිසීමට ඉඩක් නොලැබීම තුළ මේ තත්වය ඇති වී තිබේ. මේ පිළිබඳව මිනුවන්ගොඩ ප්‍රාදේශී්‍ය ලේකම්වරියගෙන් විමසූ විට ඇය ප්‍රකාශ කළේ තමන්ව මේ සම්බන්ධව සෞඛ්‍ය වෛද්‍ය අංශ හෝ පොලිසිය විසින් දැනුවත් කර නැති බවය.
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනිය කීවේ මේ පිරිස ගෙන්වා ඇති බව දන්නා නමුත් ඔවුන්ගෙ සංඛ්‍යා ලේඛණ ග්‍රම නිලධාරීවරුන් හා මහජන සෞඛ්‍යය නිලධාරීන් විසින් මේ වනවිට එකතු කරමින් සිටිනා බවය.
මිනුවන්ගොඩ පොලිසිය පැවසුවේ තමන් මේ පුද්ගලයන්ගේ සංඛ්‍යා ලෙඛන සකස් කර නැතැයි කියාය.
මේ එවූ පිරිස අතර සියපවුලම නිරෝධායන මධ්‍යස්ථානවල හෝ රෝහල්වල රැඳී සිටයි දී හුදකලාව එවූ ලාබාල තරුණියන් ද සිටින බව වාර්තා වේ. මේ ගැනත් වාර්තා වී නැති බව මිනුවන්ගොඩ පොලිසිය පැවසීය.









