සුසන්ත අමරබන්දු –
- පෑලියගොඩින් ආසාදිත වුන නමයක්
- දිවුලපිටිය මංගල උත්සවයකින් ආසාදිත වූ 01ක්
- විදේශගත වූ අයෙකුගෙන් ආසාදිතයන් එකක්
- බ්‍රන්ඩික්ස් අඟළුම් කම්හලේ ආසාදිත කාන්තාව
මේ වෙනවිට අම්පාර දිස්ත්‍රික්කය තුළ නව කොරෝනා ආසාදිතයන් එකොළොස් දෙනෙකු හමුව තිබේ. ඒ අනුව පසුගිය පස්වැනිදා මහඔය බැන්ඩික්ස් ආයතනයෙන් හමුවූ කොරෝනා ආසාදිත කාන්තාවක් සමග අම්පාරේ අම්පාරේ සමස්ත සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 12 දක්වා ඉහළ ගොස් තිබේ.
පෑලියගොඩ මාළු වෙළෙද පොළෙන්කොරෝනා ආසාදිත වූ 09 දෙනෙකු දිවුලපිටිය මංගල උත්සවයකට සහභාගී වූ අයෙකූට සහ විදේශ ගතව පැමිණි අයෙකු හරහා තවත් කොරොනා ආසාදිත වූ කාන්තාවක්,,24 දින ලැබුණු පි.සි.ආර්. වර්තාවලින් තහවුරුව තිබේ
.
පොතුවිල් පොලිස් බල ප්‍රදේශයේ මාළු වෙළෙඳාමේ යෙදුණු පස් දෙනකු කොරෝනා ආසාදිතයින් බවට පත්ව ඇත. ඔවුන් පොතුවිල සහ කෝමාරිය ප්‍රදේශයේ පදිංචිකරුවන් ය.ඔවුන්ගේ ආශ්‍රිතයන් 48 දෙනෙකු මේ වනවිට හඳුනාගෙන නිරෝධන කටයුතු වලට යොමු කර තිබේ.
කල්මුණ පොලිස් බල ප්‍රදේශයේ කල්මුණ කුඩ් පදිංචි මාළු වෙළෙඳාමේ යෙදුණ තිදෙනකුට සහ මරදමුන ප්‍රදේශයේ අයෙකුටද කොරෝනා රෝගය වැළදී ඇත. ඔවුන් අතරින් ආශ්‍රිතයෙන් 16ක් හඳුනාගෙන තිබේ
සමන්තූර පොලිස් බල ප්‍රදේශයේ නින්දවුර් පදිංචි කාන්තාවක්ද කොරෝනා ආසාදිත බවට පත්ව ඇත. ඇයගේ සහෝදරයෙකු මැලේසියාවේ සිට පසුගිය මස විසි වෙනි දින ලංකාවට පැමිණ වැලිකන්ද නිරෝධන මධ්‍යස්ථානය නිරෝධනය වි පසුගිය 06වනදා නිවසට පැමිණ නිරෝධනය වී තිබේ. පසුව කරන ලද පි
සි.ආර්. පරීක්ෂණයෙන් ඇයගේ සහෝදරිය කොරෝනා ආසාදිතයෙක් බවට හඳුනා ගන්නා ලදි.
මිනුවන්ගොඩ මංගල සාදයකට සහභාගි වූ අම්පාර රජවැව පදිංචි වෙළඳසැල් වලට ෂොපින් බැග් අලෙවිකල අයෙකුද කොරෝනා ආසදිතයෙක් බවට පසුගියදා පි.සි.ආර් පරීක්ෂණයෙන් තහවුරු වන ලදී.
මේ වෙනවිට ඔහුගේ ආශ්‍රිතයෙන් 64 දෙනෙකු හඳුනාගෙන නිරෝධයට යොමු කර තිබේ.
මේ වෙනවිට අම්පාර නියෝජ්‍ය පොලිස්පති ආයාෂ කරුණාරත්න ගේ සහ අම්පාර කොට්ඨාස භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි ජයන්ත රත්නායකගේ මෙහෙයවීමෙන් පොලිසිය, යුධ හමූදාව, බුද්ධි අංශ , අම්පාර ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂක සහ කල්මුණ ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වරයා ඇතුළු සෞඛ්‍ය කාර්යය මණ්ඩල විසින් කෝරොනා ආසාදිතයන් ගේ ආශ්‍රිතයින් සොයා මෙහෙයුම් දියත් කරමින් සිටිති.