අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දැන් එන පී.සී.ආර්. ප්‍රතිඵල කොවිඩ් කොහෙට හැරෙන්නේදැයි කියාවි

වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර කියයි

by Lanka Sara Editor
ඔක්තෝබර් 9, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

දැනට සිදු කෙරෙන පී.සී.ආර්. පරීක්ෂණ අනුව ඉදිරි දින කිහිපයේ දී කොවිඩ් වසංගතය කවර ආකාර වනු ඇතිදැයි යන්න නිගමනය කළ හැකි බව වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

කොරෝනා රෝගීන් හදුනාගැනීමේ ඉක්මන අනූව රෝගය සමාජගත නොවන පරිදි කොයිතරම් දුරකට පාලනය කරගත හැකිද යන්න තීරණය වන බව ද විශේෂඥ වෛද්‍යවරයා පැවසුවේ අද දින (09) සෞඛ්‍ය ප්‍රවර්ධන ඒකකයේ කොවිඩ් සම්බන්ධව පැවති විශේෂ මාධ්‍ය හමුවේදී ය.

කෙසේ වුවද ඊයේ දින (08) කොවිඩ් රෝගීන් වාර්තා වීම පසුගිය දිනවලට සාපේක්ෂව ඉතා අඩු අගයක් ගත් බවද, මුල් දින කිහිපයෙහි ඉතාමත් කාර්යක්ෂමව බ්‍රැන්ඩික්ස් ආයතනයේ කාර්යය මණ්ඩලයට පී සී ආර් පරීක්ෂණ සිදුකරමින් රෝගීන් හදුනාගැනීම මෙයට හේතු වුණු බවද වෛද්‍ය සුදත් මහතා පැවසුවේය. මේ වන විට බ්‍රැන්ඩික්ස් ආයතනයේ කාර්යය මණ්ඩලයේ ආශ්‍රිතයන් හදුනාගෙන ඔවුන් සදහා දිගින් දිගමට පී සී ආර් පරීක්ෂණ සිදුකෙරේ.

කෝවිඩ් වසංගතය ආරම්භයේ සිට මේ වන විට අප රට තුළ පී සී ආර් පරීක්ෂණ 320,000 කට අධික ප්‍රමාණයක් සිදුකර ඇත. ඊයේ දින ලංකාව පුරා පී සී ආර් පරීක්ෂණ සිදුකිරීම සදහා 6000 ට ආසන්න ප්‍රමාණයකගේ සාම්පල ලබාගෙන ඇත.මේ දක්වා හමුවී ඇති මුළු කොවිඩ් රෝගීන් ගණන 4488කි. එතුළින් හමුවූ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරින් හමුවූ රෝගීන් 1053කි. එම රෝගීන්ගෙන් වැඩි ප්‍රමාණය ගම්පහ දිස්ත්‍රික්කයෙනි. සමහර රෝගීන් වෙනත් දිස්ත්‍රික්කවලින්ද හමුවන අතර, එයට හේතු වන්නේ බ්‍රැන්ඩික්ස් ආයතනයෙහි සේවකයින් එම දිස්ත්‍රික්කවලට ගමන් කිරීමය.

RelatedPosts

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂවරයා පවසන පරිදි ගම්පහ දිස්ත්‍රික්කයේ විශාල ජන ඝණත්වයක් සිටීමත්, විශාල ජන ක්‍රියාකාරීත්වයක් පැවතීමත් හේතුවෙන් රෝගියෙකු සමාජයට පැමිණියහොත් රෝගියා සමග ගැටෙන ප්‍රමාණය වැඩි වීමේ හැකියාවක් පවතී. එම හේතුවෙන් රෝගීන් ප්‍රමාණයත්, ආසාදනය වන ප්‍රමාණයත් වැඩි විය හැක. ඒ හේතුවෙන් ආශ්‍රිතයන් අතර ආසාදිතයන් ප්‍රමාණය හඳුනාගැනීමට මේ වන විට දිගින් දිගමට පී.සී. ආර්. පරීක්ෂණ සිදුකරයි.

ලංකාවේ කොවිඩ් 19 රෝගය සමාජගත වී ඇති බව පැවසීමට තවමත් පැහැදිලි සාධකයක් නොමැති බවද, පී සී ආර් පරීක්ෂණ කිරීම මගින් ඉදිරි දින කිහිපයේදී රෝගයේ දිශානතිය නිගමනය කළ හැකි බවද වෛද්‍ය සුදත් සමරවීර මහතා අවධාරණය කළේය.

පසුගිය දින වල රෝගීන් කිහිපදෙනෙකුම රෝහල් ආශ්‍රිතව හමුවූ බවත්, රෝහල් තුළ ආසාදිත රෝගීන් අනිත් රෝගීන් සමග ගැටීම අවම වන පරිදි ක්‍රියා කරන අතරම, රෝගීන් රෝහලට පැමිමේදී බාහිර රෝගී අංශයේදී කරුණු විමසා රෝනග ලක්ෂණ අනූව කොරෝනා බවට සැක සහිත රෝගීන් වෙන්කිරීම සිදුකරන බවත් වෛද්‍යවරයා පැවසුවේය. ගම්පහ දිස්ත්‍රික්කයේ සෑම ප්‍රාදේශීය රෝහලකම කොරෝනා බවට සැක සහිත රෝගීන් සදහා වෙනම ම වාට්ටුවක් ස්ථාපිත කර ඇත.

ජනතාවට රෝහල් වෙත පැමිණීමට කිසිසේත් බිය විය යුතු නැති බවත්, ශ්වසන රෝගයක් ඇතිනම් රෝහල් කාර්ය මණ්ඩලය දැනුවත් කරන ලෙසත් වෛද්‍ය සුදත් සමරවීර මහතා අවදාරණය කළේය. රෝහල්වලට පැමිණීමේදී සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් පැමිණෙන ලෙසද වැඩිදුරටත් පැවසීය.

මේ වන විට රෝගීන් වෙනුවෙන් රෝහල් ඇදන් 2000ක් සූදානම් කර ඇති බවද, අවශ්‍ය වුවහොත් එම ප්‍රමාණය 3000 දක්වා වැඩිකිරීමේ හැකියාවක්ද පවතින අතර, සත්කාර කිරීම අඩුපාඩුවක් නොමැතිව මනා කළමනාකරණයකින් කළ හැකි බවද ඔහු පැවසුවේය.

අත්‍යවශ්‍යම කාරණයකට හැර ඇදිරිනීතිය පවතින ප්‍රදේශ වල ගමන් කළ නොහැකි බවත්, ඇදිරිනීතිය බවතින ප්‍රදේශ වලින් පිටවීම අනුමත නොකරන බවත් සුදත් සමරවීර මහතා පවසයි. එමෙන්ම ඔහු වැඩිදුරටත් පවසන්නේ උසස් පෙළ විභාගය සදහා ළමුන් කොළඹ ඒමේදී කොවිඩ් ව්‍යාප්ත නොවන පරිදි අවශ්‍ය පෙර සූදානමක් සහිතව විශේෂිත ප්‍රවාහන ක්‍රමයක් යටතේ කටයුතු කරන බවයි.

මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව සදහා සෞඛ්‍ය ප්‍රවර්ධන ඒකකයෙහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය පාලිත කුමාරපේම මහතා සහ සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතාද එක්ව සිටියහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොවිඩ් මැද මෙරටට ආ ඉහළම පෙළේ චීන දූත කණ්ඩායමෙන් ජනපතිට පණිවිඩයක්

Next Post

හොරෙන් පැවැත්වූ ටියුෂන් පන්තියකට පොලිසිය පනී… 

Related Posts

death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!
  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!
  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.