බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දැඩි තීන්දු ගන්නවා ! ඒ ගැන විශ්වාස කරන්න – ජනපති කියයි

by editor
මාර්තු 16, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ජනතාව මේ දිනවල විඳින දුක් වේදනා කරදරවලට විසඳුම් සෙවීමට අවශ්‍ය දැඩි තීන්දු තීරණ ගැනීමට තමන් අධිෂ්ඨාන  කරගෙන සිටින බවත් තමන් මේ සම්බන්ධයෙන් ගන්නා තීන්දු තීරණ පිළිබඳව විශ්වාසය තබන ලෙසත් ඉල්ලා සිටින්නේ යයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ   ජනතාවගෙන් අද ඉල්ලිමක් කළේය.

අද රාත්‍රී 8.30ට මාධ්‍ය ඔස්සේ ජාතිය අමතමින් විශේෂ ප්‍රකාශයක් කළ ජනාධිපතිවරයා මේ දිනවල ජනතාව ඉන්ධන හිඟවීම , ගෑස් නොමැති වීම විදුලිය නොමැති වීම යන අර්බුද හේතුවෙන් විඳින දුක පිළිබඳව දන්නා බවත් මේ බොහෝ දුක් ගැහැට තම පාලනයෙන් තොරව සිදු වුද ඒ පිළිබඳව තමන් වගවීම බාර ගන්නා බවත් සඳහන් කළේය.

 එහිදී තවදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියා සිටියේ පවතින ආර්ථික ගැටලු සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට ආර්ථික සභාවක් පත් කළ අතර ඒ සඳහා උපදේශක සභාවක්ද පත් කොට ඇති බවය. ඔවුන් විසින් ගන්නා තීන්දු තීරණ සම්බන්ධයෙන් තමන් නිරන්තර ව සොයා බලන බවත් ඒ අනුව ඉදිරියේදී ගැටලුවලට විසඳුම් ලබා දීමට හැකිවනු ඇති අතර මේ පිළිබඳව විශ්වාසය තබා කටයුතු කරන ලෙසත්  ජනාධිපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

 පවතින විදේශ විනිමය අර්බුදය සම්බන්ධයෙන් ද අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ   2022  වසරට ඇස්තමේන්තු කර ඇති දළ අපනයන ආදායම ඩොලර් බිලියන 12ක් වන අතර ආනයන වියදම් ඩොලර් බිලියන 22ක් වනු ඇති බවය. ඊට අමතරව පවතින විදේශ ණය වගකීම් සමඟ සැලකීමේදී රටක් ලෙස මෙම වසරේ ඇමෙරිකානු ඩොලර් බිලියන 9.4ක වෙළෙඳ ශේෂයක් පවතින බවත් පසුගියදා රුපියල නම්‍යශීලී අනුපාත කුමයට පත් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ඉදිරියේදී අපනයන ආදායම වැඩි වීම , ආනයන වියදම් අඩු වීම, විදේශ ප්‍රේෂන වැඩි වීම ආදී තත්ත්වයන් තුළ වෙළෙඳ ශේෂය ඇමෙරිකානු ඩොලර් මිලියන 2.4ක් දක්වා අඩු කිරීමට ඉලක්ක කර ඇතැයි පැවසීය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

 එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා ගැනීමට තමන් තීරණය කළ බවත් එම ආයතනය සමඟ ඉදිරියේදි ඊට අදාල කටයුතු සිදු කිරිමට බලාපොරොත්තු වන බවද ජනාධිපතිවරයා තවදුරටත් සඳහන් කළේය.

ජනාධිපතිවරයාගේ  සම්පූර්ණ ප්‍රකාශය පහත දැක්වේ.

අතිපූජ්‍ය මහා සංඝරත්නයෙන් අවසරයි, අන්‍යාගමික පූජකතුමනි, මව්වරුනි , පියවරුනි,සහෝදර සහෝදරියනි, ආදරණීය දූ දරුවනි, මිත්‍රවරුනි.

අද මා ඔබ අමතන්නේ අභියෝගාත්මක අවස්ථාවකයි. ඔබගේ එදිනෙදා ජීවිතයට අත්‍යාවශ්‍ය භාණ්ඩවල හිඟයක් සහ මිල වැඩිවීම් ගැන මට හොඳින් වැටහෙනවා. ගෑස් හිඟකම, ඒ වගේම ඉන්ධන හිඟකම, විදුලිය ඇණහිටීමේ තත්ත්වය වැනි ගැට‍ලු ගැනත් මා හොඳින් දන්නවා. පසු ගිය මාස දෙක තුළ මහජනතාව විඳි අනේකවිධ දුක් කම්කටොළු ගැනත් මා ඉතා සංවේදීයි. ඒ ගැන කළ හැකි උපරිම දේ අප කළත් අපගේ පාලනයෙන් බැහැර හේතූන් නිසා එම තත්ත්වය තවදුරටත් පවතින බව මා දන්නවා.

මා ගන්නා ක්‍රියාමාර්ගවලට වගවීම මා භාර ගන්නවා. මහජනතාව අත්විඳින යම් යම් කරදරකාරී ජීවන රටාවන්ට විසඳුම් සොයන්නට මා අද දැඩි තීන්දු තීරණ ගැනීමට අදිටන් කරගෙන තිබෙනවා. එයට උපකාරී වීමට ජාතික ආර්ථික කවුන්සිලයකුත්, ඒ වගේම එයට සහාය වීමට උපදේශක සභාවකුත් මා පත් කළා. ඒ තුළින් මා ගන්නා තීන්දු තීරණ ක්‍රියාත්මක වේ දැයි නිරතුරුවම අධීක්ෂණය කරන්නටත් මා කටයුතු කරනවා. ඒ නිසා මා ජනතාව වෙනුවෙන් ගන්නා ක්‍රියාමාර්ග ගැන විශ්වාසය තබන ලෙස මා ඔබගෙන් ප්‍රථමයෙන්ම ඉල්ලා සිටිනවා.

මා ජනතාවගේ අසීරුකම් හොඳින් හඳුනන කෙනෙක්. අප මුහුණ දුන් කුරිරු ත්‍රස්තවාදයට එරෙහිව යුද්ධයේ දී ඉදිරි පෙළ සිටි හමුදා සෙබළාත්, යුද්ධයට මැදි වූ අහිංසක සිවිල් ජනතාවත් මුහුණ දුන් සියලු අසීරුතාවයන් හොඳින් වටහාගෙන ඒ සියල්ල මනාව කළමනාකරණය කිරීමට මට හැකි වුණා. අද තිබෙන අසීරු තත්ත්වය අපේ රටට පමණක් මුහුණ ‍දීමට සිදු වූවක් නොවෙයි. මුළු ලෝකයම නොයෙක් ආකාරයේ පීඩාවලට ගොදුරු වී සිටිනවා. කොවිඩ් වසංගතය නිසා ඉහළ නැංවුණු නැව් ගාස්තු, භාණ්ඩවල මිල ඉහළ යෑම්, යම් යම් භාණ්ඩවල හිඟයන් යන මේ සියල්ල අපේ පාලනයෙන් තොරයි. එනමුත් අපි ජනතාවගේ පැත්තෙන් බලා සහනශීලී පිළිවෙතක් අනුගමනය කරනවා.

මේ අර්බුදය කිසිසේත්ම මා විසින් නිර්මාණය කළ එකක් නොවෙයි. එදා මේ අර්බුදය නිර්මාණය කරන්නට දායක වූ අය, අද ජනතාව ඉදිරියේ රජය විවේචනය කරමින් සිටිද්දී, මා උත්සාහ කරන්නේ මේ අර්බුදය හැකි ඉක්මනින් විසඳා ජනතාවට සහනයක් ලබා දෙන්නයි. මෙවැනි අර්බුදකාරී අවස්ථාවන්හීදි රටක දේශපාලකයින්ගේ හා බුද්ධිමතුන්ගේ වගකීම සාමූහික ව ප්‍රශ්නවලට විසඳුම් සෙවීමයි.

අද තිබෙන ගැටලුවලට මුල අපේ විදේශ විනිමය අර්බුදයයි. රුපියල නම්‍යශීලී ලෙස හැසිරීමට ඉඩ සැලසීමට පෙර තිබුණු තත්ත්වයට  අනුව, මේ අවුරුද්දේ ‍අපේක්‍ෂිත අපනයන ආදායම ඩොලර් බිලියන 12ක්. පසුගිය මාස දෙකේ දත්ත අනුව මේ අවුරුද්දට ඩොලර් බිලියන 22ක ආනයන වියදමක් දරන්න වෙනවා. ඒ අනුව ඩොලර් බිලියන 10ක හිඟ වෙළඳ පරතරයක් ඇතිවෙනවා.

පසුගිය කාලය තුළ තිබෙන දත්ත අනුව මේ අවුරුද්දට සංචාරක ව්‍යාපාරයෙන්, ඒ වගේම තොරතුරු තාක්ෂණය වැනි සේවා අපනයනවලින් ඩොලර් බිලියන 3ක් පමණ ලැබිය හැකි අතර, විදේශ ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ වලින් අපට ඩොලර් බිලියන 2ක් ලැබෙනවා. ඒ අනුව හිඟ වෙළඳ පරතරය ඩොලර් බිලියන 5ක් වෙනවා.මේ අතර, මේ වර්ෂය තුළ ඩොලර් බිලියන 6.9ක් ණය වාරික සහ ස්වෛරී බැඳුම් වෙනුවෙන් ගෙවන්නට‌ වෙනවා. එවිට ඩොලර් බිලියන 11.9ක හිඟයක් ඇති වෙනවා.අනෙකුත් ලැබෙන ණය ආධාර සහ ආයෝජන ලෙස ඩොලර් බිලියන 2.5ක් අපේක්‍ෂා කරනවා. මේ ආකාරයට විදේශ මුදල් ප්‍රවාහයේ ඩොලර් බිලියන 9.4ක සම්පූර්ණ හිඟයක් තියෙනවා.

එහෙත් රුපියල නම්‍යශීලී කළාට පසුව, අපනයන ආදායම ඩොලර් බිලියන 13ක් දක්වා වැඩි වේ යැයි අපේක්‍ෂා කරනවා. ඒ වගේම ආනයන වියදම ඩොලර් බිලියන 22 සිට ඩොලර් බිලියන 20 දක්වා අඩු කර ගන්නත් පුළුවන් වේවි. එසේ වුවහොත් වෙළඳ ශේෂ හිඟය ඩොලර් බිලියන 7 දක්වා අඩු කර ගන්න පුළුවන්. අපි ඉලක්ක කර ගත යුත්තේ එයයි.

ඒ වගේම සේවා අපනයන්ගෙන් ඩොලර් බිලියන 4කුත්, විදේශ ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ ඩොලර් බිලියන 5කුත් අපේක්ෂා කරන්න පුළුවන්. මේ අනුව අපේ වෙළඳ ශේෂයේ හිඟය ඩොලර් බිලියන 2.4ක් වනවා. මේ හිඟය පියවා ගැනීමත්, අපේ විදේශ විනිමය සංචිතය වැඩි කර ගැනීමටත් අප ක්‍රියා කළ යුතුයි. මේ සඳහා ජාත්‍යන්තර මූල්‍ය ආයතන හා මිත්‍ර රටවල් සමග අපගේ ණය වාරික ගෙවීම් ගැන අප සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.

අප රටට හිතකර ආකාරයට නව ක්‍රමවේදයක් තුළ මෙය ක්‍රියාත්මක කිරීමට රජය නොයෙකුත් පාර්ශ්ව සමග සාකච්ඡා කරනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඊයේ පැවැත්වූ සාකච්ඡාවත් මේ අරමුණින් කළ එකක්. ඒ සාකච්ඡා තුළින් අප බලාපොරොත්තු වන්නේ වසරකට අප ගෙවිය යුතු ණය වාරික, ස්වෛරීත්ව බැඳුම්කර ආදිය ගෙවීම් සඳහා ක්‍රමවේදයක් සලසා ගැනීමයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ මා කළ සාකච්ඡාවට පසුව වාසි අවාසි අධ්‍යනය කොට ඔවුන් සමඟ එක්ව කටයුතු කිරීමට මා තීරණය කළා.

පසුගිය කාලයේ  මා ගත් සමහර තීන්දු නිසා ආනයන වියදම බොහෝ ලෙස පාලනය කර ගන්නට හැකි වුණා. මේ ප්‍රශ්නය කලින්ම දුටු නිසා තමයි අපි මීට වසර දෙකකට පෙර වාහන ආනයනය නතර කළේ. ඊට අමතරව දේශීයව අපේ අවශ්‍යතා සපුරාලන කර්මාන්ත අපි දිරිමත් කළා. ඒ වගේම බොහෝ අත්‍යාවශ්‍යම නොවන ආහාර ද්‍රව්‍ය ආනයනය නතර කර ඒ බෝග වර්ග අපේ රටේම වවන්න අපි කටයුතු කළා. ඒවායේ සාර්ථක ප්‍රතිඵල අපට දැන් පෙනෙනවා.

ආනයන වියදම පාලනයේ දී අපට මතුවන බරපතලම ගැටලුව වන්නේ ලෝක වෙළඳපොළ තුළ වේගයෙන් වැඩි වෙන ඛනිජ තෙල් මිලයි. සාමාන්‍යයෙන් අපේ ආනයන වියදමෙන් සියයට 20 කට වඩා වැය වන්නේ තෙල් සඳහායි. පසුගිය මාස කිහිපය තුළ පමණක් ලෝක වෙළඳපොළේ තෙල් මිල දෙගුණයකට වඩා වැඩි වී තිබෙනවා. අපේ රට තුළත් තෙල් මිල වැඩි කිරීම නොවැළැක්විය හැකි හේතුවක් වුණේ මේ නිසායි.

වාහනවලට පමණක් නොව විදුලිය ජනනය කිරීම සඳහාත් අපේ රටේ විශාල වශයෙන් තෙල් භාවිතා වෙනවා. මේ නිසයි පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් හැකිතාක් යොදා ගැනීම සඳහා මා දිගින් දිගටම සාකච්ඡා කර අදාළ ආයතන උනන්දු කළේ.ඒ නිසා තෙල් භාවිතය හා විදුලිය භාවිතය හැකිතාක් සීමා කිරීමෙන් ජනතාවටත් මේ  අවස්ථාවේ රට වෙනුවෙන් සහාය දිය හැකියි. මේ දුෂ්කර අවස්ථාවේ ඔබ ඒ වගකීම තේරුම් ගෙන කටයුතු කරනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා.

කොවිඩ් වසංගතය නිසා කඩා වැටුණ සංචාරක කර්මාන්තය යළි හිස ඔසවමින් තිබෙනවා. පසුගිය මාස දෙකේ ලංකාවට සංචාරකයන් පැමිණීමේ පැහැදිලි වර්ධනයක් දක්නට ලැබුණා. ඒ වගේම මේ වන විට තොරතුරු තාක්ෂණ හා විදුලි සංදේශන ක්ෂේත්‍රවලට රජය විසින් යටිතලපහසුකම් සැපයීම වේගවත් කිරීම නිසා මේ ක්ෂේත්‍ර හරහා රටට එන ආදායමත් වැඩි වෙමින් පවතිනවා.

අපි ඉතිහාසයේ ඕනෑතරම් අවස්ථාවල වැටිල නැගිටපු ජාතියක්. විදේශ ආක්‍රමණවලට, මහා සාගතවලට, ස්වාභාවික විපත්වලට, ත්‍රස්තවාදී උවදුරුවලට අපි මුහුණ දීලා ආපසු නැගිටලා තියෙනවා. පසුගිය කොරෝනා වසංගතයට අපි මුහුණ දුන් ආකාරය ජාත්‍යන්තර ආයතනවල පවා ප්‍රශංසාවට ලක් වුණා.  විසඳුම් ක්‍රියාත්මක කිරීමේ දී යම් කාලයක් අපට දුෂ්කරතාවලට මුහුණ දෙන්නට වෙන බව අපි සියලු දෙනාම වටහා ගත යුතුයි. ඒ නිසා අධෛර්යවත් නොවී මේ අර්බුදකාරී තත්ත්වයෙන් ගොඩ ඒමට ජාතියක් වශයෙන් එක්වන ලෙස ඔබ සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා.

ඔබ මගෙන් ඉල්ලා සිටියේ සුරක්‍ෂිත බව, විනය, නූතන දියුණු රටක්, දරුවන්ට හොඳ අධ්‍යාපනයක්. මගේ ධුර කාලයේ වසර දෙකහමාරකට ආසන්න කාලයෙන් වසර දෙකක්ම කැප කළේ වසංගතයෙන් ඔබ සහ ඔබේ දරුවා ආරක්‍ෂා කර ගන්නයි. නිරෝගී වූ මව්බිම ඇතුළේ මගේ ඉදිරි ධුර කාලසීමාවම ඒ මුල් අරමුණු වෙනුවෙන් කැප කරනවා.

ඇමති මණ්ඩලයෙන්, පාර්ලිමේන්තුවෙන් සහ රාජ්‍ය සේවකයන්ගෙන් මම ඉල්ලා සිටින්නේ දරුවන්ට හොඳ රටක් ලබාදීමේ අපෙන් අපේක්‍ෂිත අරමුණ වෙනුවෙන් අපි කණ්ඩායමක් ලෙස අධිෂ්ඨානගතව කැප වන්නටයි.

මා දේශපාලනයට ආවේ ඔබේ ආරාධනයෙන්. ඔබ මා කෙරෙහි අසීමිත විශ්වාසයක් තැබුවා. මා ඒ විශ්වාසය කිසි විටෙකත් කඩ නොකොට දිවි හිමියෙන් ආරක්‍ෂා කරනවා.

ඔබ සැමට තෙරුවන් සරණයි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ජනපති අදත් කෝච්චි බලන්න යයි…

Next Post

අර්බුදය කලින්ම දැක්කා නම් තීරණ ගන්න මෙච්චර පමා වුණේ ඇයි ජනාධිපතිතුමනි!  ආචාර්ය හර්ෂ අසයි

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.