අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අර්බුදය කලින්ම දැක්කා නම් තීරණ ගන්න මෙච්චර පමා වුණේ ඇයි ජනාධිපතිතුමනි!  ආචාර්ය හර්ෂ අසයි

by editor
මාර්තු 16, 2022
in පුවත්
HARSHA-DE-SIVA
Share on FacebookShare on Twitter

පවතින අර්බුදකාරී තත්ත්වය තුළ ජාතිය ඇමතීම නායකයා ලෙස ගත් හොඳ පියවරක් ලෙස අගය කරන බවත් එම ඇමතීමේදී තමන් මෙම අර්බුදය කලින්ම හඳුනා ගත් බව කීවද එම අර්බුදය විසඳා ගැනීම සඳහා අවශ්‍ය පියවර ජනාධිපතිවරයා ලෙස නොගත්තේ මන්දැයි  සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වා ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කරයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා  ජාතිය ඇමතීමේ කතාව නිම වී සුළු මොහොතකට පසුව සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබන ආචාර්ය හර්ෂ ද සිල්වා පහත සටහන යොදා ඇත.

ගරු ජනාධිපතිතුමනි, ඉන්ධන අරපිරිමැස්මෙන් පාවිච්ච් කරන්නේ කොහොමද?

අතිගරු ජනාධිපතිතුමනි ඔබගේ ජාතිය ඇමතීමේ කතාව මා ඇහුවා. ප්‍රශ්න කිහිපයක් ඇතිවූ නිසයි මේක ලියන්නේ. ඔබ කියන විදිහට ඔබ මේ අර්බුදය කලින්ම දුටුවාලු. ඒ නිසා, වාහන ආනයනය නතර කර විදේශ විනිමය ඉතිරිකර ගැනීමට කටයුතු කළ බවයි ඔබතුමා සඳහන් කළේ.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

 

නමුත්, ඔබ මෙවැනි අර්බුදයක් දුටුවා නම් දේශපාලන ජනප්‍රියතාවය දිනාගැනීම වෙනුවෙන් දැවැන්ත ලෙස බදු අඩුකර රුපියල් බිලියන 600 ක පමණ බදු ආදායමක් අහිමි කරගත්තේ ඇයි?

අර්බුදයේ ආරම්භයක් බවට පත්වුණේ ලෝකයේ අඩුම රාජ්‍ය ආදායමක් තිබෙන රටක් වන ලංකාවේ රාජ්‍ය ආදායම් මේ ආකාරයෙන් දැවැන්ත ලෙස කඩා වැටීමයි.

ඒ වගේම, රුපියල පා කිරීම නිසා, අපනයන ආදායම වැඩිවන බවත් ඒ තුළින් වෙළෙඳ හිඟය අඩුකර ගත හැකි බවත් ඔබතුමා පැවසුවා. ඔබ කියන විදිහට අර්බුදය කලින්ම දුටුවා නම් රුපියල කෘත්‍රිම ලෙස පාලනය කිරීමට උපදෙස් දුන්නේ ඇයි? ඒ තුළින් ඩොලර් බිලියන 04 ක පමණ ආදායමක් රටට අහිමි වූ බව ඔබතුමා දන්නවාද? රුපියල ආරක්ෂා කිරීමට ඩොලර් බිලියන 1.5 ක් විතර පුච්චන්න වුණා ජනාධිපතිතුමනි. ඒ වගේම, රුපියල කෘත්‍රිම ලෙස පාලනය කිරීම නිසා රටට ඩොලර් බිලියන 2.5 ක පමණ විදේශ ප්‍රේෂණ ආදායමක් අහිමිවුණා. විදේශ විනිමය අර්බුදය දිග් ගැස්සුණේ ඒ විදිහටයි ජනාධිපතිතුමනි.

රට වෙනුවෙන් මේ අවස්ථාවේ විදුලිය සහ ඉන්ධන අර පිරිමැස්මෙන් පාවිච්ච් කරන ලෙස ඔබ ඉල්ලා සිටිනවා. ඉන්ධන අර පිරිමැස්මෙන් පාවිච්චි කරන්න තියා ඉන්ධන ටිකක් හොයාගන්නවත් බැරිවයි ජනතාව ඉන්නේ. අනිත් අතට, මේ වගේ ගිනි ගණන් වලට ඉන්ධන අරගෙන ඒවා ජනතාව නාස්ති කරයි කියල හිතන එකත් වැරදියි.

ඒ වගේම, ඉන්ධන සහ විදුලිය කියන්නේ ආර්ථිකයක ගාමක ශක්තිය. හයර් දුවන මනුස්සයෙක් ඉන්ධන පරිස්සමෙන් පාවිච්ච් කරන්නේ කොහොමද?. ඔහුට හයර් දුවන එක අඩුකරල තමයි ජාතිය ගොඩ ගන්න ඔබ කියන සහයෝගය දෙන්න වෙන්නේ. ඒ කියන්නේ ඔහුගේ ආර්ථිකය වැටෙනවා. සමස්තයක් විදිහට ඉන්ධන අරපිරිමැස්මෙන් පාවිච්චි කරනවා කියන්නේ ආර්ථිකය වැටෙන එක.

කෙසේවෙතත්, ඔබ රටේ නායකයා ලෙස මේ අවස්ථාවේ ජාතිය අමතා ජනතාවගේ ශක්තිය නැංවීමට උත්සාහ කිරීම ගැන මා ස්තූතිවන්ත වෙනවා. එය නායකයෙකු ලෙස හොඳ දෙයක්. නමුත්, මේ ගැටලු ඇතිවූයේ විචක්ෂණශීලී නොවූ ආර්ථික කළමනාකරණය නිසා යැයි ඔබට බැහැර කළ නොහැකියි.

ණය ගෙවා දැමීමට ක්‍රමවේදයක් සකස් කිරීමට මූල්‍ය අරමුදල සමග සාකච්ඡා ආරම්භ කළ බවත් ඔබතුමා සඳහන් කළා. එය හොඳ දෙයක්. නමුත්, ගැටලුව වන්නේ අර්බුදය කල් තියා දුටුවා නම් මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීමට මෙතරම් ප්‍රමාද වූයේ ඇයිද යන්නයි. මෙවැනි අර්බුදයකට රට වැටෙනු ඇති බවත් ඊට පෙර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කර විසඳුම් ලබාගන්නා ලෙසත් ස්වාධීන ආර්ථික විශේෂඥයින් මීට මාස 18 කට පෙර සිටම සඳහන් කළා.

අද ඔබ ගැනීමට යන තීරණය එදා ගත්තා නම් ජනතාවට මේ විදිහට දුක් විඳින්න වෙන්නෙ නෑ ජනාධිපතිතුමනි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දැඩි තීන්දු ගන්නවා ! ඒ ගැන විශ්වාස කරන්න – ජනපති කියයි

Next Post

දිල්ලියේ සල්ලි ගස යට සිට !

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.