ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද උදෑසනත් දුම්රිය නිරීක්ෂණය සඳහා ගොස් උපදෙස් මාලාවක් ලබා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.
කොළඹ, දෙමටගොඩ පිහිටි දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ප්‍රධාන ඉංජිනේරු ධාවනබල උප දෙපාර්තමේන්තුව මාලිගාවත්ත දුම්රිය අංගනය සහ අබලන් වූ දුම්රිය මැදිරි අලුත්වැඩියා කෙරෙන දෙමටගොඩ, ආරාමය පාර පිහිටි තන්ත්‍රී ටේලර් (පුද්) සමාගමේ යාන්ත්‍රික අංගනය අද (16) පෙරවරුවේ මෙසේ ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට ලක් වී ඇත.
ආයතනයන්හි දෛනික ක්‍රියාකාරීත්වය ජනාධිපතිවරයා විසින් නිරීක්ෂණය කර තිබේ. අනතුරුව පවතින ගැටලු සහ අවශ්‍යතා පිළිබඳව ද ජනාධිපතිවරයා සේවකයන්ගෙන් තොරතුරු විමසා ඇත.
තෘප්තිමත් රැකියාවකට අවශ්‍ය පසුබිම සියලුම රාජ්‍ය සේවකයන් වෙනුවෙන් සැකසිය යුතු බව මෙහි අවධාරණය කර ඇති ජනාධිපතිවරයා බඳවාගැනීමේ පටිපාටිවල ඇති ගැටලු හේතුවෙන් උසස්වීම්වල පවතින ප්‍රශ්න කඩිනමින් නිරාකරණය කරන ලෙස ද උපදෙස් දී ඇත.
අමාත්‍ය දිලුම් අමුණුගම, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, අමාත්‍යාංශ ලේකම්වරු, දුම්රිය දෙපාර්තමේන්තු ප්‍රධානීහු සහ නිලධාරීහු, වෘත්තීය සමිති නියෝජිතයෝ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ.