සමුරායි වර්ගයේ කඩුවක් අතින් ගෙන මහාමාර්ගයේ ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු පුද්ගලයකු මෙල්ල කිරීමට සමත් වීම හේතුවෙන් සිංගප්පූරුවේ බෙදා හැරීමේ සමාගමක් පවත්වාගෙන යමින් එහි ජීවත්වන ශ්‍රී ලාංකිකයකු වන 35 හැවිරිදි අමිල චින්තන වෙත එරට පොලිසියෙන් සම්මානයක් පිරි නමා තිබේ.
තමන් පසුකර යන වාහන වෙත පහර කඩුවෙන් පහර දෙමින් සිංගප්පූරුවේ බුවැංකොක් චතුරශ්‍ර වෙළෙඳ සංකීර්ණය ඉදිරිපිට මෙසේ වියරුවෙන් හැසිරී තිබුණේ ෆාදීල් යූසුෆ් නැමැති සිංගප්පූරු ජාතිකයෙකි. මෙම පුද්ගලයා 37 හැවිරිදිය. මෙම පුද්ගලයා යම් මත්ද්‍රව්‍යයක් භාවිතා කිරීම සිහිය විකල් වී වියරුවෙන් හැසිරී තිබුණු බවට සැක කෙරනි.
අමිල චින්තක ඒ අවස්ථාවේ ඉන්නේ මාර්ගයේ පසෙකය. වාහනවලට පහර දෙමින් පැමිණි මෙම වියරු පුද්ගලයා එක්වරම අමිලට කඩු පහර දෙන්නට පටන් ගන්නේය. එක් පහරක් වැදෙද්දී වියරු පුද්ගලයා ආවරණය කරන අමිල චින්තක ඉන් අනතුරුව ඔහුව බිම දමා මෙල්ල කරගන්නේය.
ඒ සමගම අසල සිටි කාන්තාවක් ද ඔහුගේ සහයට පැමිණෙන අතර තවත් පිරිසක් දිව එන්නේ බිම දැමූ පුද්ගලයාව අමිල චින්තක සහ පසුව ඔහුට උදව්වට එන කාන්තාවක් විසින් මෙල්ල කළ පසුවය.
අනතුරුව අවියක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේය. සාපරාධී බිය ගැන්වීම් සම්බන්ධයෙන් වැරදිකරුවන් වන අයට වසර දෙකක් දක්වා සිරදඬුවමක් හෝ දඩයක් හෝ දෙකම පැනවීමට සිංගප්පුරුවේ අධිකරණ ක්‍රියාවලිය තුළ හැකියාව ඇති බව විදෙස් මාධ්‍ය කීවේය.
සිංගප්පූරු පොලිසිය එදිනෙදා ජීවිතයේ දී, මහජනතාව වෙනුවෙන් වීරත්වය පළ කරමින් මහජන සුබසිද්ධිය උදෙසා කටයුතු කරන සිවිල් වැසියන් අගය කරමින් මේ කණ්ඩායමට සම්මාන පිරිනමා තිබිණි.
සිද්ධිය සී.සී.ටී.වී කැමරාවක පටිගතව තිබුණේ මෙසේය..
&;