බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දළදා වන්දනාවේ VIP කුපාඩිකම මේ දින දෙකේ වත් නැවැත්තුවෙ නැතිනම් දින 03ක් තිස්සේ පෝලිම්වල සිටින 30,000කට දළදා වන්දනාව කළ නොහැකිවන ලකුණු!

by editor
අප්‍රේල් 26, 2025
in පුවත්
Share on FacebookShare on Twitter
  • ජනාධිපති තුමනි…  දළදා භාරකාරිත්වය සහ රාජ්‍ය නිලධාරීන්  දෙවැනි වරටත් ඔබතුමා කුජීත කිරීමට නියමිතයි…

පොදු ජනතාව පෝලිම්වලට ඒම වළක්වා මල්වතු අස්ගිරි සහ දියවඩන නිලමේගේ පාර්ශවයන් මේ වනවිට සැලසුම් කර ඇති VIP දළදා වැන්දවීම අද සහ හෙට නවත්වන්නට නොහැකි වුවහොත් හෙට දිනය අවසන්වන විට අඩුම තරමින් පොලිම්වල දින තුනක් අවු වැසි දරාගෙන දුක් විඳි ජනතාවගෙන් තිස් දහසකට දළදා වන්දනා කිරීමේ අවස්ථාව ගිලිහී යන බව සංඛ්‍යාලේඛන නිරීක්ෂණයේ දී අනාවරණය වී තිබේ.

නිල සංඛ්‍යලේඛන අනුව  මේ වනවිට ප්‍රධාන පෝලිම් තුනෙහි දළ වශයෙන් එක් ලක්ෂ පනස් දහසකට වැඩි පිරිසක් රැස් වී සිටිති. මේ කාලය පුරා දළදා භාරකාරිත්වයේ ආශිරීවාදය සහිතව ප්‍රමුඛව සියම් නිකායේ හාමුදුරුවරුන් සහ ඔවුන්ගේ ඥාතී හිතවතුන්, දියවඩන නිලමේවරයාගේ ඡන්ද කෙළියේ සිටින පිරිස්වල ඥාති හිතවතුන්, ප්‍රභූයැයි සම්මත ධන කුවේරයින් ව්‍යාපාරිකයින් ඇතුළු කණ්ඩායම්, ඉහළ රාජ්‍ය නිලධාරීන්, දේශපාලකයින් සහ ඔවුන්ගේ ඥාතීන් සහිත පිරිස සෑම දිනකම හත් දහසක් දස දහසක ප්‍රමාණයක් දළදා වන්දවා තිබේ.  ඒ ආබාධිත පිරිස් ගමන් කරන පෝලිමේ යවමිනි.

වර්තාවන පරිදි අද (26) සහ හෙට දෙදින තුළ විසි දහසකට ආසන්න පිරිසක් මේ VIP පෝලිම් හරහා දළදා වැන්දවීමට දළදා හිමිකාරිත්වය සැලසුම් කර ඇත.

පෝලිම් තුනේම එක් පනස් දහසකට ආසන්න පිරිසක් අවම වශයෙන් සිටින බව වාර්තා වේ. මේ තාක් දිනකට දළදා වන්දනා කළ උපරිම පිරිස 68000කි. ඒ වන්දනාව වාර්තා වන්නේ ඊයේ (25) දිනයේදී ය. මේ දෙදින තුළ උපරිමයෙන් දළදා වන්දනාව සිදුකළ ද උපරිම 70.000කට ආසන්න පිරිසක් දළදා වඳිනු ඇතැයි අපේක්ෂා කෙරේ. මේ අතර 10,000ක් පෝලිමෙන් පිට වැන්දවීම සිදුකළහොත් පෝලිමේ සිට දළදා වන්දනා කළ හැක්කේ උපරිම හැට දහසකට පමණි.

ඒ අනුව දින දෙකටම පෝලිම්වල සිට දළදා වන්දනා කළ හැක්කේ 120000කට පමණක් බව පෙනී ගොස් තිබේ. ඒ අනුව අවධාරණය වන්නේ දල වශයෙන් පෝලිම්වල සිටින 30.000කට දළදා වන්දනාව කළ නොහැකිවන බවය.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

මේ ඛේදනීය තත්ත්වය නිර්මාණය වන්නේ පෝලිම්වල සිටින පිරිසට දළදා වන්දනාවට ඉඩ ලබා දෙන ලෙස ජනාධිපතිවරයා දන්වා ඇති අවස්ථාවකය. VIP පෝලිම් නවත්වන ලෙස ජනාධිපතිවරයා කළ නිර්දේශය දළදා භාරකාරිත්වය පමණක් නොව නිලධාරීන් පවා තඹයකට ගණන් ගෙන නොතිබුණ පරිසරයක පෝලිම්වල සිටින ජනතාව සියල්ලන්ටම දළදා වන්දවන ලෙස ජනපති කළ ඉල්ලීම ද නොසලකා හැරෙන ප්‍රායෝගික තත්ත්වයක් මේ වනවිට නිර්මාණය වී තිබේ.

මල්වතු අස්ගිරි හා දියවඩන පාර්ශවයන් VIP පෝලිම් නිර්මාණය කළද රටේ සේනාධිනායකයා සහ ආරක්ෂක ඇමති ලෙස ජනාධිපතිවරයාගේ නිර්දේශය ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය හෝ අවම වශයෙන් අනුගමනය කළ යුතුව තිබිණි. අප දකින්නේ ගුවන් හමුදාවේ නිල ලාංඡනය සහිතව අදත් සැලසුම් කර ඇති VIP පෝලිම් සඳහා ප්‍රභූන් අදින ගුවන් හමුදා නිල වාහනය. පසුගිය වකවානුවේ අවස්ථා ගණනක දි පොලිස් නිල වාහනවලින් පොලිස් ප්‍රභූන් VIP පෝලිම් වඩමවාගෙන යන අයුරු දුටුවෙමු. යුද හමුදාවේ ඉහළ නිලධාරින්ගේ ඥාති හිතවතුන් පෝලිම්පැන දළදා වැන්දහ. ආරක්ෂක අංශවත් ජනාධිපතිවරයා ලෙස ත්‍රිවිධ හමුදා සේනාධිපති සහ ආරක්ෂක අමාත්‍යවරයාගේ නිර්දේශ පිළිපදින්නේ නැත.

නුවර රාජ්‍ය නිලධාරීන්ද එසේය. ඔවුන් ද තම නිල බලය අවභාවිතා කරමින් තමන්ගේ ඥාති හිතවතුන් පෙම්වතුන් පෙම්වතියන් දළදා වන්දවන ආකාරය දුටුවෙමු. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහ මධ්‍යම සංස්කෘතික අරමුදලේ මහනුවර ප්‍රධානීන් දියවඩන නිලමේට නිල වශයෙන් ලිඛිතව ඉල්ලීම් කර VIP ප්‍රවේශපත්‍ර ඉල්ලා ගෙන ඇති ආකරය සොයා බලන ලෙස අපි සංස්කෘතික හා බුද්ධ ශාසන ඇමති ගරු ආචාර්ය හිනිදුම සුනිල් සෙනවි සහෝදරයාගෙන් ඉල්ලීමක් කරමු.

මේ වනවිට දළදා වැන්ද 4,21000න් 50,000කට වැඩි ප්‍රමාණයක් දළදා වැන්දේ VIP පෝලිම්වලිනි. එනම් දළ වශයෙන් පෝලිම්වල සිට එක දවසක් දළදා වඳින පිරිස මේ දින 8 තුළ VIP පෝලිම් හරහා දළදා වැඳ තිබේ. අද සහ හෙටත් මේ ගේම වෙනදාවට වඩා වැඩි ජවයකින් ගහන්නට සුදානම්වන ලකුණු පෙනේ.

අවසාන ප්‍රතිඵලය දින තුනක් හෝ හතරක් පෝලිම්වල අප්‍රමාණ දුක් විඳිමින් දළදා වන්දනාවට සැරසී සිටි ජනතාවගෙන් 30,000ක් අවබෝධය සහිතවම දළදා වන්දනාවෙන් බැහැර කිරීමේ අපරාධය දළදා භාරකාරිත්වය විසින් සිදුකිරීමය. එහි අවසාන නියත ප්‍රතිඵළය භුක්ති විඳීමට නියමිතව සිටින්නේ ආණ්ඩුව බව දින දෙකකට පෙර සටහන් කර තබමු.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සඳුදා ආවේ නැතිනම් නීතිය ක්‍රියාත්මක කරනවා… දෙවරක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මග හැරිය රනිල්ට කොමිසම අවසන් නිවේදනයත් නිකුත් කරයි…

Next Post

ඉන්දු-පකිස්තාන කුලල්කා ගැනීමේ භූ දේශපාලනය හෙවත් ගිනිගත් නිවස කුලල් කා ගන්නා “කිල්කනි බළලුන්ගේ” කතාව…!

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.