මෙරට සංචාරයකට පැමිණ සිටින යුක්රේන ජාතික තරුණියක් මහනුවර ශ්රී දළදා මාලිගාව අභියස වැවරවුමේදී අද නිහඬ විරෝධතාවයක නිරත වූවාය.
යුක්රේනයට එරෙහිව රුසියාව මගින් සිදුකරන ප්රහාර නවත්වන ලෙස ඉල්ලමින් විරෝධතාවයේ නිරතවුණු
විසිනව හැවිරිදි ටාන්යා නැමැති මෙම තරුණිය ප්රකාශ කර සිටියේ තම දෙමව්පියන්, ඥාතීන් ඇතුළු රට වැසියන් මේ අවස්ථාවේ බියකරු අත්දැකීමට මුහුණ දී සිටින බවය.
ඔවුන් ගලවා ගැනීම සඳහා සාමය අගයන සියලු රටවල් ඒකාරාශී විය යුතු බව ඇය කීවාය.
යුද්ධයේ අවසන් ප්රතිපලය විනාශය මිස වෙනත් දෙයක් නොවන බවත් මේ නිසා යුද්ධයට එරෙහිව ලෝකවාසී සියලු ජනතාව පෙළ ගැසිය යුතුව තිබෙන බවත් ඇය පැවසුවාය.