දුම්රිය දෙපාර්තමේන්තුව සතුව ඉන්ධන සංචිත ඇත්තේ දින පහක කාළයක් සඳහා පමණක් බව දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර ප්‍රකාශ කළේය.
දින 10ක් සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව සතුව ඉන්ධන සංචිත ගබඩා කර තැබීමට හැකි වුවත් මේ වන විටට එය සියයට 50 කින් පමණ අඩුවී ඇතැයිද ඔහු පැවසුවේය.
දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉන්ධන සංචිතවල යම් අඩුවීමක් තිබුණත් දුම්රිය ධාවනයට එය බාධාවක් නොවන බවත් ඔහු ප්‍රකාශ කළේය.
දුම්රිය ධාවනයට දිනකට ඉන්ධන ලීටර් ලක්ෂයක පමණ ප්‍රමාණයක් වැයවන බවත් ලංකා ඛනිජ තෙල් සංස්ථාව මගින් දෛනිකව ඉන්ධන මිලදී ගැනීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වන බවත් ඔහු තවදුරටත් පැවසීය.
කෙසේ වෙතත් ඛණිජතෙල් නීතිගත සංස්ථාව අද ප්‍රකාශ කළේ රටේ ඇත්තේ දින හතකට ප්‍රමාණවත් ඩීසල් සංචිත පමණක් බවය. ඩීසල් නැවක් යළි රටට පැමිණෙන්නේ දින හයකින් බව පෙන්වා දුන් සංස්ථාව එම නැව ගොඩබෑම සඳහා දින දෙකක්වත් ගතවනු ඇති බව කීවේය.
එය තීරණය වනු ඇත්තේ නැව වරයාට පැමිණි පසුව බව සංස්ථාව පෙන්වා දුන්නේය.
ලංකාදීප