-
ජය ශ්‍රී මහා බෝධියට ප්‍රහාර එල්ල කළ කොටි සාමාජිකයන්ගේ පවුල්වලට උපහාර පුදන්න සූදානමක් තිබිලා…
-
හිටපු ජනපති ඝාතනය කිරීමට සැලසුම් කළ කොටියාත් සම්මාන ලැබිය යුත්තන්ගේ ලයිස්තුවේ…
ශ්‍රී දළඳා මාලිගාවට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ චෝදනා මත සිරගතව සිටින එල්.ටී.ටීඊ ත්‍රස්තවාදී සැකකරුවකුගේ පවුලේ සාමාජිකයන් ඇතුළු එම සංවිධානයට සම්බන්ධව කටයුතු කළ පුද්ගලයන්ට සම්මාන ලබා දීම ඇතුළු අංග ගණනාවකින් සමන්විත ව අද (11) මහනුවරදී පවත්වන්නට ගිය උත්සවයක් අධිකරණ නියෝගයක් මඟින් වැළැක්වීමට මහනුවර පොලිසිය පියවර ගෙන තිබේ.
මහනුවර මානව හිමිකම් මධ්‍යස්ථානය නම් රාජ්‍ය නොවන සංවිධානයක් විසින් සංවිධානය කරන ලද මානව හිමිකම් දින සැමරුමක් වශයෙන් එය පැවැත්විමට සූදානම් කර තිබි ඇත.
මෙම උත්සවයේ න්‍යාය පත්‍රය පිළිබඳව පොලිසිය ලද තොරතුරු මත මහජන කැලඹීමක් ඇතිවේය යන කරුණ මුල් කරගෙන උක්ත අධිකරණ නියෝගය ලබාගෙන තිබේ.
කුණ්ඩසාලේ පසුබිම් කරගත් මානව හිමිකම් මධ්‍යස්ථානය නම් රාජ්‍ය නොවන සංවිධානයක නන්දන මනතුංග නම් කිතුණු පූජකයකු විසින් මෙම උත්සවය සංවිධානය කර ඇත්තේ සිරකරුවන්ට මානුෂීයව සලකමු යන තේමාව යටතේ බව සඳහන් වේ.
ඒ අනුව මෙම උත්සවයේදී ශ්‍රී දළඳා මාලිගාවට බොම්බ ප්‍රහාරය එල්ල කළ සැකකරුවන්ගේ පවුලේ සාමාජිකයන්ට සහ අනුරාධපුර ජයශ්‍රි මහ බෝධියේ ප්‍රහාරයට සම්බන්ධ කොටි ත්‍රස්තවාදී සැකකරුවන්ගේ පවුලේ සාමාජිකයන්ට සම්මාන පිරිනැමීම, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඝාතනය කිරීමට තැත් කිරීම සම්න්ධයෙන් චෝදනා එල්ල වී සිරගතව සිට මෑතකදී ජනාධිපති සමාව ලද එල්.ටී.ටීඊ හිටපු සාමාජිකයා ඇගයීම ද එහිදී සංවිධානය කර තිබු අතර එම සම්මාන ප්‍රදානයන් මැද
අතුරුදන් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරියද එහිදී ඇගයීමකට ලක්වීමට නියමිතව සිටි බව සඳහන් වේ.
මෙම උත්සවය මහනුවර මුල්ගම්පොල කැන්ඩියන් ආර්ට් රෙසිඩන්සීස් හෝටලයේ පැවත්වීමට සියලු කටයුතු සංවිධානය කර තිබියදී පොලිසිය මෙම හෝටලයේ කළමනාකාරීත්වයට සහ සංවිධායකයන්ට එරෙහිව අධිකරණ නියෝගය ලබාගෙන තිබේ.