ප්‍රියන්ත කුමාර ඝාතන නඩු විභාගය නිරීක්ෂණය කිරීම සඳහා විශේෂ මැදිරියක් පිහිටුවීමට පළාත් කැබිනට් කමිටු රැස්වීමේදී තීරණය කර තිබේ.
පාකිස්තානයේ සියල්කොට් හිදී ප්‍රියන්ත කුමාර මහතාට අමානුෂික ලෙස පහරදී ඝාතනය කිරීමේ සිද්ධිය පිළිබඳ නඩුව දිනපතා විභාග කිරීමටත් ඒ නඩු විභාගය නිරීක්ණය කිරීම සඳහා විශේෂ මැදිරියක් පිහිටුවීමටත් පළාත් කැබිනට් කමිටු රැස්වීමේ දී තිරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම නඩුව දින 14ක් තුළ අධිකරණය හමුවේ ගොනු කිරීම සඳහා ද දැනුම් දී ඇත.
නීති අමාත්‍ය මුහම්මද් බෂාරත් රාජාගේ ප්‍රධානත්වයෙන් පැවති නීතිය හා සාමය පිළිබඳ පළාත් කැබිනට් කමිටු රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති බව එම මාධ්‍ය වාර්තාවල සඳහන්ය.
දැනට ඝාතන සිද්ධිය සම්බන්ධ සැකකරුවන් සේ හඳුනාගෙන ඇති නමුත් අත්අඩංගුවට නොගත් පරිස් වහාම අත්අඩංගුවට ගැනීමට කටයුතු කරමින් සිටින බව පංජාබ් පොලිසිය පවසයි.
මේ වනවිට අත්අඩංගුවට ගෙන සිටින පුද්ගලයින් සම්බන්ධව සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කර ඇති බවත් පොලිසිය කියයි.