සඳුදා, ජූලි 20, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දළදා ප්‍රදර්ශනය 18… අද හවස සිට බැතිමත්තු මහ පාරේ පෝලිම්වල ලැගුම් ගනිති!

by editor
අප්‍රේල් 16, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

උපේක්ෂා උඩුවැරැල්ල –

දළදා දැක්ම පටන් ගන්නේ අනිද්දාටය. කිසිවෙක් බලාපොරොත්තු නොවූ ආකාරයට මිනිස්සු අද හවස සිට පෝල්ම්වලය. සිය ඇඳුම් පැළඳුම් පොදි ගසාගෙන ඉටි රෙදි බිම එළාගෙන ගැහැණු පිරිමි ළමා ලපටි බාල මහළු බැතිමත්හු දළදා වන්දනාව සඳහා දින දෙකකට පෙර සිට   පාරවල්වලය.  මෙවන් සිද්ධියක් නුවර නගරසභාව හෝ අපේක්ෂා  කළේ නැත.

දළදා වන්දනාව සඳහා ප්‍රවේශ මාර්ග තුනක් නම් කර තිබේ. මහනුවර අම්පිටිය රතු බෝක්කුව අසල සිට බෞද්ධ මන්දිරය ඔස්සේ මහ මළුවට ඇතුළුවන මාර්ගය.  රතු බෝක්ක අසල සිට වැව රවුමෙන් දළදා වීදිය දෙසින් මහමළුවට එන මාර්ගය, ඩී.එස් සේනානයක වීදිය ඔස්සේ මහ මලුවට පිවිසෙන මාර්ගය මේ ප්‍රධාන ප්‍රවේශ මාර්ග තුනය. මේ වනවිට මේ ප්‍රවේශ මාර්ග තුනේම මහපාරේ මිනිසුන් ලැගුම් ගෙනය. මේ ඡායාරූපයේ දැක්වෙන්නේ මහනුවර ඩී.එස් සේනානායක වීදියේ මේ මොහොත වනවිට සැදැහැවතුන් රොද බැඳගෙන සිටින ආකාරය ය.

මේ එක් අයෙක් එක්ක හෝ කතා නොකර ඔවුන් පසුකරන්නට සිතුනේ නැත. අසල සිටි වියපත් මිනිසෙක් සමග කතා කළෙමි. ඔහු ඉටයි රෙද්දක් බිම එළාගෙන සැහැල්ලුවෙන් ඇලවී සිටියේය.

“මාමා කලින්ම…”

RelatedPosts

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

” ඔවු පුතේ… ගෙදර මොන වැඩක් තිබුණත් මේ දවස් දෙක පාරේ ගත කරලා හරි දළදා වහන්සේ වඳන්න හිතුවා. මේක බුදුන් වඳිනවා වගේ වැඩක්. අපේ ජිවිත කාලෙ ආයේම පාරක් මෙහෙම අවස්ථාවක් ඒවි ද කියලා අපි දන්නේ නෑ. ඉතින් ජීවමාන බුදුන් දැකගන්න ඕන කියන අදහසින් තමයි ආවෙ…”

“මාමගෙ ගම් පලාත කොහොද?”

” ඇඹිලිපිටිය පුතේ… උදේ ඇඹිලිපිටියෙන් ආවා අපි කට්ටිය… බුදුන් වැඳලම තමයි යන්නේ. ඒක සහතික කරගන්න ඕන නිසා තමයි කලින්ම ආවේ. බුදු හාමුදුරුවො දකින්න ඇවිත් මහ පාරේ නිදාගන්නේ පුදුම සතුටෙන් පුතේ ”

ඔහු කිවේය. ඔහුගේ බොර පැහැති ඇස් දීප්ත්මත්ව බැබලිනි. අපට මේ කතාව කියන්නේ දළදා වඳින්නට පැමිණ මේ මොහොතේ සිට මහ පාරේ ඉන්නා ඇඹිලිපිටියේ අබේරත්න මාමාය. පැමිණ සිටින පිරිස අතර කාන්තාවෝ ද විශාල පිරිසක් වෙති.

දැන් මහනුවර නගරසභාවට අපේක්ෂා කළ කාලයට කලින් ප්‍රශ්නය ඇවිත් ඇත. ඒ මේ ලැගුම් ගෙන සිටින පිරිසගේ සෞඛ්‍ය ආරක්ෂාව සැපයීමය. ආහාර පාන ලබාදීම සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන්නේ 18 වැනිදා සිටය. ඒ දක්වා මේ අයගේ සෞඛ්‍ය සම්බන්ධව වගකීම මේ වනවිට මහනුවර මහ නගරසභාවේ ප්‍රධාන නාගරික වෛද්‍ය නිලධාරී පසන් ජයසිංහ වෙත පැවරී තිබේ.

මේ පිරිසගේ සෞඛ්‍ය ගැන අවධාරණය කරමින් ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරයා කියා සිටියේ මේ වනවිට ඔවුන්ට අවශ්‍ය වැසිකිලි කැසිකිළි ඇතුළු සනීප ආරක්ෂක පහසුකම් සලසා ඇති බවය.

“ගලි බවුසර 04ක් යොදවා තිබෙනවා.  ජල බවුසර සහ හදිසි රෝගී තත්ත්වයන් ඇති වුවහොත් ගිලන් රථ පහසුකම් සපයා තියනවා. මේ අයට සෞඛ්‍ය සම්බන්ධව පැමිණිල්ලක් කරන්න උනොත් හැම ලයිට් කනුවක කිවූ ආර් කෝඩ් එකක් තියනවා. ඒක ස්කෑන් කරලා කෝල් එකක් දෙන්න තියෙන්නේ.

“ඒ ගොල්ලන්ට අනිද්දා ඉඳන් තමයි දන්සැල් විවෘත වෙන්නේ. දන්සැල් 228ක් 18 වැනිදා සිට දින 10ක් පුරා විවෘත වෙලා තියනවා. ඒ දන්සැල් ගැන සියලුම තොරතුරු තමන්ගේ ජංගම දුරකථනයේ අන්තර්ජාල පිවිසුමට ගිහින් මහනුවර මහ නගර සභාවේ දළදා දැක්මට අදාල දන්සැල් කියලා ටයිප් කරලා සර්ච් කරන්න පුලුවන්. එතකොට දන්සැල් තියන තැන්, තියන කෑම,  දන්සල් පවත්වන වෙලාවල්, කී දෙනෙකුට ආහාර ගන්න පුලුවන්ද කියලා තොරතුරු ඒ හරහා නිවැරදිව හොයා ගන්න පුලුවන්. ” ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරයා පවසන්නේ සිලෙක්ට් කළ දන්සැල් තෝරා ගත හැකි ආකාරය ගැනය.

” ඒ වගේම ජංගම වෙළෙන්දො 28ක් රෙජිස්ටර් වෙලා ඉන්නවා මේ වෙනකොට. ඔවුන් හඳුනා ගන්න නගරසභාවෙන් විශේෂ ලාංඡනයක් ලබා දීලා තියනවා. වෙන අයගෙන් ආහාර අරන් ප්‍රශ්නයක් වුනොත් මහ නගර සභාව වගකියන්නේ නෑ. සෞඛ්‍යයට හිතකර ආහාර ගන්න. නගර සභාව අනුමත කළ වෙළෙන්දන්ගෙන් පමණක් ආහාර ගැනීම වඩාත් ආරක්ෂිතයි. ඉතාම සුළු අතපසුවීමකින් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් රෝගීන් බවට පත්විය හැකියි. ඒ නිසා සෞඛ්‍ය ආරක්ෂිත පැවතුම් ගැන අවධාරණය කරගන්න.” ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරයා ඉල්ලා සිටියේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඇමරිකාව චීනයට එරෙහි තීරු බද්ද 245% දක්වා ඉහළ දමයි..

Next Post

පිල්ලෙයාන් කියන්නේ සැබෑ දේශ ප්‍රේමියෙක්… පිල්ලෙයාන්වත් තමන් ගැන කිසිම දවසක නොකියන පිල්ලෙයාන් ගැන ගම්මන්පිල කියන කතාව!

Related Posts

petrol-diesel-lankasara
පුවත්

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026
dengue-death
පුවත්

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ
පුවත්

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
petrol-diesel-lankasara

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026

ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

ජූලි 19, 2026
dengue-death

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
ADVERTISEMENT
  • prof-sarath-Abekoon

    මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!
  • ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!
  • ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.