පසුගිය දින නවය තුළ අන්තර්ජාල ක්‍රමය ඔස්සේ විදේශ ගමන් බලපත්‍ර අයදුම්පත් 9,158ක් ලැබී ඇති බව ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය පැවසීය.
ඔන්ලයින් ක්‍රමවේදයක් ඔස්සේ විදේශ ගමන් බලපත්‍ර අයදුම්පත් භාරගැනීම ජුනි 15 වැනිදා ආරම්භ වූ බව ඔහු පැවසීය.
නව විශේෂ ක්‍රමයත් සමඟ අයදුම්පත් ඉදිරිපත් කර දින තුනක් ඇතුළත විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමට නියමිතය.
මීට පෙර සාමාන්‍ය ක්‍රියා පටිපාටිය යටතේ විදේශ ගමන් බලපත්‍රයක් නිකුත් කිරීමට වැඩ කරන දින 14ක් ගත විය.
එක්දින සේවාව සඳහා අය කරන බද්ද රු. 20,000 කි.
මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් ඉදිරිපත් කළහොත් අයකිරීම් ගාස්තු රුපියල් 15,000 දක්වා අඩු කිරීමට තීරණය විය.







