දේශීය ණය ප්‍රතිව්‍යුගත කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ගෙන ඒම හදිසි අවශ්‍යතාවයක් ලෙස සලකා ලබන සෙනසුරාදා (01) පාර්ලිමේන්තුව කැඳවීමට නියමිතව ඇතැයි වාර්තා වේ.
මෙම යෝජනා සම්මත කරගැනීමට උත්සාහ කරමින් ඇත්තේ රජය විශේෂ ගැසට් නිවේදනයක් මගින් ලබන 30 වැනිදා බැංකු නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු එළඹෙන දින 05ක දීර්ඝ බැංකු නිවාඩුවක් අතර වීම බැංකු ක්ෂේත්‍රයේ බලවත් අවධානයට ලක් වී ඇත.
ලන්ඩන් නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ හෙට දිවයිනටට පැමිණ පසු 28 වැනිදා පැවැත්වෙන ආණ්ඩු පක්ෂයේ විශේෂ රැස්වීමේ දී දේශීය ණය ප්‍රතිව්‍යුගත කිරීමේ බලවත් අවශ්‍යතාවය සම්බන්ධව නිශ්චිත ලෙස සාකච්ඡා වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
දැනට කිසිදු හේතුවක් නොදන්වා හෙටින් ආරම්භවන සතියේ කොළඹ රැඳි සිටින්නැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලය ආණ්ඩුවේ සියලු මැති ඇමතිවරුන්ට වට්ස්ඇප් මාර්ගයෙන් දැනුම් දී ඇතැයි වාර්තා වේ.
එමෙන්ම ජනාධිපතිවරයාගේ දැන්වීම මත මේ වකවානුව අතර විදේශ සංචාර යොදාගත් මැති ඇමතිවරුන්ගේ එම සංචාර අවලංගු කර ඇත.
කෙසේ වෙතත් ආර්ථික විශේෂඥවරුන් පවසන්නේ දේශීය ණය ප්‍රතිව්‍යුගතකණය යටතේ සේවක අර්ථසාධක අරමුදලින් රජයට සපයා ඇති ණය මුදලින් කොටසක් කපා දැමීමක් හෝ පොලී අනුපාතය අඩු කිරීමක් කළහොත් එම අරමුදලට දැඩි බලපෑමක් එල්ලවන බවය.
ඊට එරෙහි දැඩි ජනතා විරෝධයක් ඇතිවීමටත් ඉඩ ඇති බව වාර්තා වෙමින් ඇත. සේවක අර්ථසාධක අරමුදලින් ලබා ගත් ණය කපා හැරිමක් නොකර එම ණය ගෙවීමට රජයට කාලයක් ලබා දීම වඩා උචිත ප්‍රවේශය බව විද්වත්හු පෙන්වා දෙති.
කෙසේ වෙතත් සේව අර්ථසාධක අරමුදල හෝ සේවක භාරකාර අරමුදලේ මුදල්වල කිසිම හායනයක් නව ප්‍රතිව්‍යුගතකිරීම් හරහා සිදුනොවනු ඇති බවට රජය සහතික වන්නේ යැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පසුගිය සතියේ දී පාර්ලිමේන්තුවේ දී සපථ වුනේය.