චීනයේ ජනගහන වර්ධන වේගය මේවන විට සීඝ්‍රෙයන් පහලයමින් පැවතීම පාලනය කිරීමට එරට රජය විසින් විවිධ උත්සහයන් දරුවද ඒම ප්‍රයත්න සියල්ලම මේවන විට අසාර්ථක වී ඇති බව නවතම දත්ත වාර්තා අනාවරණය කරයි.
ඒ අනුව චීනයේ නව යොවුන් වියේ සහ දරුවන් බිහි කිරීමේ වයස්වල සිටින තරුණියන් අදවන විට විවාහ වීම පවා ප්‍රතික්ෂේප කරන තත්ත්වයකට පත්ව ඇති බවද එරට අභ්‍යන්තර මාධ්‍ය වාර්ත සහ රජයේ දත්ත සඳහන් කරයි.
චීනයේ පවතින අධික නිවාස මිල, අධික ජීවන වියදම් සහ දරුවන් නඩත්තු කිරීම් වන අධ්‍යාපන සහ අනෙකුත් කටයුතු වල මිල හේතුවෙන් කාන්තාවන් මෙලෙස දරුවන් බිහි කිරීම මෙන්ම විවාහ වීමද මඟ හරිමින් සිටින බවට වාර්තාවේ.
ඒ අනුව කාන්තාවන් විසින් දරුවන් බිහි කිරීම් සහ විවාහ වීම වෙනුවට සුරතල් සතුන් ඇති කිරීමට විශාල කැමැත්ත්ක් දක්වන බවටද නවතම දත්ත වාර්තාවන් අනාවරණය කරයි.
චීනය තුල මේවන විට උද්ගතවී ඇති තත්ත්වයත් සමඟ අඩුවෙමින් පවතින ජනගහන වර්ධන වේගය ජය ගැනීම ඉතා දුෂ්කර වි ඇති බවද බලධාරීන් පෙන්වා දෙයි.
මේ අතර චීනයේ දරුවන් බිහි කිරීම වෙනුවට සුරතල් සතුන් ඇති කිරීමට වැඩි ප්‍රයතාවයක් දරනු ලබන කාන්තාවන්ගෙන් බහුතරයක් හොඳ අධ්‍යාපනයක් සහ ස්ථාවර ආදායම් මාර්ගයක් සහිත පිරිසක් වීමද විශේෂත්වයකි.
පසුගිය කාලයේදී චීනයේ ප්‍රධාන නගර වල සුරතන් සතුන් ගහනය සීඝ්‍රෙයන් වර්ධනය වීමක්ද දක්නට ලැබෙන අතර එය මේවන විට චීනයේ දිනාශනිතය වෙනස් කරන ප්‍රබල සාධකයක් බවටද පත්ව ඇති බව අනාවරණය වේ.