මහනුවර ඇසළ පෙරහරේ ප්‍රථම කුඹල් පෙරහර අද (10) වීදි සංචාරය කිරීමට නියමිතය.
ශ්‍රී දළදා මාලිගාව අභියසින් දකුණු දිශාභිමුඛව පස්වරු 6.06 ට පිටත්වන පෙරහර ශ්‍රී දළදා වීදීය, ඩී.එස් සේනානායක, පන්සල පාර, දේව වීදිය, ශ්‍රීමත් බෙනට් සොයිසා වීදිය, යටිනුවර වීදීය ඔස්සේ ගමන් කර රජ වීදියෙන් ඉහළටවිත් ගෙවදීමට නියමිතය.
මෙවර මහනුවර ඇසළ පෙරහරේ ආරක්ෂාව වෙනුවෙන් පොලීස් නිලධාරීන් 5500 ක පමණ පිරිසක් යොදවා ඇත.
මහනුවර ඇසළ පෙරහරේ ප්‍රථම කුඹල් පෙරහර කුඩා දරුවන්ට පෙන්වීමෙන් ඔවුන්ගේ අපල උපද්‍රව දුරුවන බවට අතීතයේ සිට පැවත එන මතයක් පවතී. මේ නිසා සෙසු කුඹල් පෙරහරවලට වඩා අති විශාල ජනතාවක් නැරඹීම සඳහා පෙරහැර ගමන් කරන මග පිරී ඉතිරී සිටිනු දක්නට ලැබේ.







