දඹුල්ල මහනගර සභා බල ප්‍රදේශයේ නිවෙස්වල ඇතිකරන සුනඛයන් සඳහා යෝජනා කර ඇති බලු බද්ද සම්බන්ධයෙන් වාර්තා කළ මාධ්‍යවේදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබේ.
ඒ දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා සිදුකළ පැමිණිල්ලකට අනුවයි.
2022 වර්ෂය සඳහා බදු අයකර ගැනීමේ යෝජනාවලට අදාලව නිවෙස්වල ඇතිකරන සුනඛයන් සඳහාද ලබන වසරේ ජනවාරි මස සිට බද්දක් අය කිරීමට නරගාධිපතිවරයා යෝජනා කර තිබේ.
අදාල යෝජනාව සම්බන්ධයෙන් වාර්තා කළ මහින්ද උදයසිරි, සරත් එරමිණිගම්මන, ලක්ෂිත විජේසේකර යන මාධ්‍යවේදීන් තිදෙනා මෙසේ පරීක්ෂණ සඳහා කැඳවා ඇත.
දඹුල්ල පොලීසියේ ස්ථානාධිපතිවරයා මගින් මාධ්‍යවේදීන්ට දැනුම් දී තිබෙන්නේ 08,09,10,11 යන දිනවලදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස ය.







