කීර්ති ප්‍රනාන්දු –
බිංතැන්න දඹාන ආදිවාසී ජනතාවට වන්දනාමාන කිරීම සඳහා ආදිවාසී ජන උරම සෑයේ කොත් පැළඳවීමේ උත්සවය අද පැවැත්විනි.

බිංතැන්න පත්තුවේ දඹාන ගුරුකුඹුර ආදිවාසී ජනඋරුම ගම්මානය තුළ මෙම මහාසෑය ඉදිකර තිබිණි.
ආදිවාසී නායක ඌරුවරිගයේ වන්නිලාඇත්තන් තම වරිගයේ ඇත්තන්‍ට වන්දනාමාන සඳහා දාගැබක් ඉදිකරදෙන ලෙස නෙල්ලිගල ජාත්‍යාන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘ කූරගල රජමහා විහාරාධිපති වතුරකුඹුරේ ධම්මරතන හිමියන්ගෙන් කළ ඉල්ලීමක් අනුව පසුගිය ජනවාරි මස 25 වැනිදා සෑය බැඳීම ආරම්භ කර තිබේ.
2020 ඔක්තොම්බර් මස 09 වැනි දින බුදු සසුන තුළ අග්‍රපත්‍ය ලාභී භික්ෂූන්වහන්සේ අතර අගතැන්පත් සීවලී මහරහතන්වහන්සේගේ උතුම් ධාතූන්වහන්සේලා තැන්පත් කරමින් ධාතු නිධානෝත්සවය පවත්වා තිබේ.
දාගැබ්වහන්සේ සීවලී මහා සෑය ලෙස නම් කර තිබේ.







