මාතර – සම්පත් –
දඬුවම් නියම වූවෙකු මාතර මහේසත්රාත් අධිකරණයේ සිර මැදිරිය තුළදි වස පානය කිරිම නිසා මාතර මහ රෝහලට ඇතුළත් කර තිබේ.
මෙසේ රෝහල්ගත කර ඇත්තේ අම්බලන්තොට ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 53 ක අයෙකි. මෙම පුද්ගලයාට එරෙහිව මාතර පොලිසිය විසින් ගෙවල් බිඳීම, සොරකම් කිරීම යන චෝදනා රැසක් හේතුවෙන් අත්අඩංගුවට ගෙන මාතර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත්දි කර ඇත. අනතුරුව විභාග වූ නඩු තීන්දුවෙන් පසු ඔහු වරදකුරු වී අවුරුදු 12 ක සිරදඩුවම් නියම කෙරිණි.
පසුව බන්ධනාගාරයට රැගෙන යන තෙක් මෙම පුද්ගලයා අධිකරණයේ පිහිටුවා ඇති සිරමැදිරිය තුළ රඳවා තබා තිබේ. එහිදී මෙම පුද්ගලයා වස පානය කොට ඇති බව පොලිසිය සඳහන් කරයි. අනතුරුව පොලිස් නිලධාරීන් මාතර මහ රෝහලට ඔහුව රැගෙන ගොස් ඇති අතර මෙම පුද්ගලයාට අධිකරණය තුළදී වස පානය කිරීමට ලැබුනේ කෙසේද යන්න පිළිබද විමර්ශනයක්ද මේ වනවිට ක්රියාත්මකයි.