ලලිත් චාමින්ද –
දකුණු පළාත් සංවර්ධන සැලැස්ම යටතේ දකුණු පළාත් අමාත්‍යංශ 05ක් සදහා උපමාන පාදක ප්‍රදාන හා පළාත් නිශ්චිත සංවර්ධන සැලැස්ම යටතේ මෙම වර්ෂය (2026) සදහා රුපියල් මිලියන 2937.71ක මුදලක් වෙන්කොට ඇති බැව් දකුණු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය පවසයි.
ඒ අනුව දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යංශය සඳහා රුපියල් මිලියන 945.12ක මුදලක්, අධ්‍යාපන අමාත්‍යංශය සඳහා රුපියල් මිලියන 835.29ක මුදලක්, කෘෂිකර්ම අමාත්‍යංශය සඳහා රුපියල් මිලියන 420.52ක මුදලක් ක්‍රිඩා අමාත්‍යංශය සඳහා රුපියල් මිලියන 365.77ක මුදලක් සහ ධිවර අමාත්‍යංශය සදහා රුපියල් මිලියන 371.01 මුදලක් වෙන්කොට ඇත.
එමෙන්ම දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය සහ දකුණු පළාත් ක්‍රිඩා අමාත්‍යංශය සදහා වෙනත් ප්‍රදාන යටතේ රුපියල් මිලියන 921ක මුදලක් වෙන්කොට ඇත.
දකුණු පළාත් සංවර්ධන සැලැස්ම දකුණු පළාත් ප්‍රධාන ලේකම් චන්දිම මුහන්දිරම් විසින් පසුගියදා දකුණු පළාත් වැඩබලන ආණ්ඩුකාර චම්පා ජානකි රාජරත්න වෙත පිළිගන්වනු ලැබිය.
මේ සදහා ගාල්ල දිස්ත්‍රික් සම්බන්දිකරණ කමිටුවේ අනුමැතියද හිමිවි ඇත.







