බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දකුණු ආසියාව පුපුරන්නට ආසන්න බෝම්බයක් උඩ!

by editor
අප්‍රේල් 28, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

පකිස්ථාන පරිපාලන කාශ්මීරය ඉන්දීය පරිපාලන කාශ්මීරයෙන් වෙන් කරන පාලන රේඛාව හරහා ඉන්දියාව සහ පාකිස්තානය අඛණ්ඩව තුන්වන රාත්‍රියේත් වෙඩි හුවමාරුවක් සිදු කර ඇති බව ඉන්දීය හමුදාව උපුටා දක්වමින් ජාත්‍යාන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙම ප්‍රහාර එල්ල වන්නේ පහල්ගම් ප්‍රහාරය පිටුපස සිටින අයට “දරුණුතම ප්‍රතිචාරය ලැබෙනු ඇතැයි” ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පුනරුච්ඡාරණය කරද්දීය.

ඉන්දියාව විසින් පාලනය කරනු ලබන කාශ්මීරයේ පහල්ගම් ප්‍රහාරය සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් සඳහා වන ඉල්ලීම් පාකිස්තානය නැවත අවධාරණය කර තිබේ. ඒ පකිස්ථාන පාර්ශවයෙනි. මේ ප්‍රහාරයට පකිස්ථානයේ කිසිම සම්බන්ධයක් නැති බවත් ඔවුන් ඉලක්ක කරගෙන සිදුකරන චෝදනා මුලුමනින්ම ප්‍රතික්ෂේප කරන බවත් පකිස්ථානය යළි යළිත් අවධාරණාත්මව ප්‍රකාශ කර තිබේ.

ස්වාධීන පරීක්ෂණයක් සඳහා පකිස්ථානය කරන ඉල්ලීම සාමය සඳහා පකිස්ථානයේ ඇති කැමැත්ත ප්‍රකාශ කිරීමක් බවත් එය දුර්වලකමක් ලෙස ඉන්දියාව වටහා ගත යුතු නැති බවත් පකිස්ථාන අගමැති ෂෙබාස් ෂරීෆ් අවධාරණය කර සිටින්නේය. රුසියාවට සහ චීනයට මේ පරීක්ෂණයේ කාර්යභාරයක් ඉටු කළ හැකි බව ද පකිස්ථානය පෙන්වා දෙන්නේය.

ඉන්දීය මර්ධනය

ප්‍රහාරයෙන් පසු බලධාරීන්ගේ මර්දනය කාශ්මීරයේ දේශපාලනඥයින් විවේචනය කර තිබේ.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ආරක්ෂක හමුදා “ත්‍රස්තවාදීන්” සහ සිවිල් වැසියන් අතර වෙනස හඳුනාගත යුතු බව හිටපු මහ ඇමතිනි මෙහබූබා මුෆ්ටි පැවසූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රුහුල්ලා මෙහඩි පැවසුවේ කාශ්මීරය සහ කාශ්මීර වැසියන් “සාමූහික දඬුවම්” වලට මුහුණ දෙන බවයි.

පහල්ගම් ප්‍රහාරය පිළිබඳ විමර්ශනය ඉන්දියාවේ ත්‍රස්ත විරෝධී ජාතික විමර්ශන ඒජන්සිය (NIA) මේ වනවිට භාරගෙන තිබේ. එම ආයතන මෙවැනි සංකීර්ණ විමර්ශනයන් සඳහා අත්දැකීම් සහ තාක්ෂණය සහිත ආයතනයකි.

ප්‍රහාරයෙන් පසු

පහල්ගම් ප්‍රහාරයෙන් පසු කාශ්මීරය පුරා අවම වශයෙන් නිවාස නවයක් ඉන්දීය හමුදා විසින් කඩා දමා තිබිණි. ඉන්දීය හමුදාවේ මේ හැසිරීම කාශ්මීර වැසියන් දැඩි කම්පනයට සහ ගර්හාවට ලක් කරන අයුරු විදෙස් මාධ්‍ය වාර්තාවලින් පෙනේ.

“මේවා ප්‍රාදේශීය ජනතාවට දඬුවම් කිරීමේ ඊශ්‍රායල උපක්‍රම. අහිංසක පවුල්වල වරද කුමක්ද? නිවාස සටන්කාමීන්ට අයත් නොවේ. ඔවුන් වසර ගණනාවකට පෙර තම නිවාස හැර ගිය පසු, ඔවුන් තම පවුල් ද හැර ගිහින්,” කුප්වාරා මායිම් දිස්ත්‍රික්කයේ සැකකාර ලෂ්කර්-ඊ-තායිබා සටන්කාමියෙකු වන ෆාරුක් ටීඩ්වාගේ ඥාතියෙකු අල් -ජසීරා වෙත පවසා තිබිණි. ඔහුගේ පවුලේ නිවස ඊයේ (26) ආරක්ෂක හමුදා විසින් පුපුරුවා හැර තිබිණි. ෆාරුක් ටීඩ්වා 1990 ගණන්වල පාකිස්තානයට පැන ගොස් සිටි පුද්ගලයෙකි. ඔහුගේ පවුලේ අය පවසන පරිදි කිසි දිනෙක ආපසු පැමිණියේ නැත.

දකුණු කාශ්මීරයේ පුල්වාමා හි මුරාන් ගම්මානයේ, ඉන්දීය හමුදා සැකකාර අහ්සාන් ෂෙයික්ගේ නිවස පුපුරුවා හරින විට අවම වශයෙන් නිවාස 12 කට හානි සිදුවී ඇති බව ප්‍රදේශවාසීන් අල් ජසීරාට පවසා ඇත. ඔහු ලෂ්කර්-ඊ-තායිබා සමඟ ද සම්බන්ධ බව පොලිසිය පවසයි.

“අපි මුස්ලිම් පල්ලියේ ඊෂා [සවස] යාඥා කරමින් සිටියදී ඔවුන් අපේ අසල්වැසියාගේ නිවස පුපුරුවා හැරියා. අපේම නිවස සහ ඒ අවට සිටි තවත් දුසිමක් පමණ විනාශ වුණා. අපේ වරද මොකක්ද? දැන් කුමක් කළ යුතු දැයි අපි දන්නේ නෑ,” පිපිරීමෙන් හානි වූ නිවසක පදිංචිකරුවෙක් පැවසීය.

“ඔවුන් අපේ අසල්වැසියන් වීම අපරාධ සැලසුමකට සිදුවන දෙයක් නොවෙයි…”

පාකිස්තානය සමඟ ඇති ආතතීන් මධ්‍යයේ “සූදානම පෙන්වීමට” ඉන්දීය නාවික හමුදාව අභ්‍යාසයක් පවත්වමින් සිටියි. දකුණු ආසියාවම සිටින්නේ පිපිරීමට ආසන්න බෝම්බයක් උඩය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඩීමන් ආනන්ද කියවා රාජකාරි කළ STF ලොක්කන්ගේ දුර්වර්ණ කතාව…

Next Post

කිලිනොච්චියට ධාරාණිපාත වර්ෂාවක්… පවුල් 458 ක පුද්ගලයින් 1400කට උන් හිටි තැන අහිමි වෙයි!

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.