සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දකුණු ආසියාතික හා ආසියාතික කරාතේ ශූරතා තරගාවලියට දේවානන්දයේ බාසුරු හෙට භූතානයට යයි! 

by editor
ජූලි 14, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ජයකාන්ත ලියනගේ  –  බළපිටිය – 

දකුණු ආසියාතික හා ආසියාතික කරාතේ ශූරතා තරගාවලියේ වයස අවුරුදු 16/17 කාණ්ඩයේ පිරිමි කුම්තේ ඉසව්ව සදහා සහභාගි වීමට අම්බලන්ගොඩ ගා/ශ්‍රී දේවානන්ද විද්‍යාලයේ ඩබ්ලිව් බාසුරු විරාජිත ද සිල්වා ක්‍රීඩකයා සුදුසුකම් ලබා තිබේ. තරගාවලියට සහභාගී වීම සදහා ඩබ්ලිව් බාසුරු විරාජිත ද සිල්වා ක්‍රීඩකයා හෙට (15) සවස ශ්‍රී ලංකාවෙන් පිටත්ව යෑමට නියමිතය.

දකුණු ආසියාතික හා ආසියාතික කරාතේ ශූරතා මෙම තරගාවලිය, 2024 ජූලි 17 වන දින සිට 21 වන දින දක්වා භූතානයේදී පැවැත්වේ. මේ අනුව ශ්‍රී ලංකා කරාතේ ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට බාසුරු විරාජිත ක්‍රීඩකයාට අවස්ථාව හිමි වේ. 

ඔහුට මෙම අවස්ථාව හිමිව ඇත්තේ 2024 ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනය මගින් පවත්වන ලද විවෘත කරාතේ ශූරතා තරගාවලියේ වයස අවුරුදු 16/17 කාණ්ඩයේ කුම්තේ ඉසව්වේ රන් පදක්කම හිමි කර ගනිමින් ශ්‍රී ලංකා කරාතේ පුහුණු සංචිතයට තෝරා ගැනීමත් සමගය.

අම්බලන්ගොඩ, ගා/ශ්‍රී දේවානන්ද විද්‍යාලයේ 2015 වර්ෂයේ තුන් (03) වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිටියදී බාසුරු විරාජිත කරාතේ ක්‍රීඩාවට අත් පොත් තබා තිබේ. ඔහු මේ වන විට පසුගිය අපොස (සා.පෙළ) විභාගයට පෙනී සිට ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් සිටී. වසර 08 කට අධික කාලයක් කරාතේ ක්‍රීඩාවේ නිරත වන බාසුරු, කලුපටි පළමු ශ්‍රේණි ධාරියෙකි. 

2017 වසරේ වයස අවුරුදු 13 න් පහළ කුම්තේ ඉසව්වේ ජාතික කරාතේ තරගාවලියේ රන් පදක්කම, 2018 වයස අවුරුදු 13 න් පහළ, 2022 වයස අවුරුදු 16 න් පහළ කුම්තේ ඉසව්වේ ජාතික කරාතේ තරගාවලියේ ලෝකඩ පදක්කම, 2022 වයස අවුරුදු 16 න් පහළ ශ්‍රී ලංකා පැසැල් ජේෂ්ඨ තරගාවලියේ ලෝකඩ පදක්කම, 2023 හා 2024 වයස අවුරුදු 18 න් පහළ කුම්තේ ඉසව්වේ ජාතික කරාතේ තරගාවලියේ රන් පදක්කම දිනා ගැනීමට බාසුරු විරාජිත ක්‍රීඩකයා සමත්ව තිබේ. එයට අමතරව ඔහු පාසැල් හා විවෘත කලාප, දිස්ත්‍රික් හා පළාත් මට්ටමින් මෙන්ම ජාතික මට්මින්ද තරගාවලි රැසක ජයග්‍රහණ ලබා ගෙන තිබේ.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ප්‍රසාද් මෙන්ඩිස්, පළමු කරාතේ ගුරුතුමා මෙන්ම සුදත් නලින්ද හා සුසන්ත සොයිසා වර්තමාන කරාතේ ගුරුවරුන් ගෙන් ලැබූ පුහුණුව මෙම ගමන ඒමට පූර්ණ වශයෙන්ම ඉවහල් වූ බව බාසුරු විරාජිත ක්‍රීඩකයා කියයි. එයට අමතරව ගා/ශ්‍රී දේවානන්ද විද්‍යාලයේ කරාතේ ක්‍රීඩාව භාර ආචාර්යය වරුන් වන ප්‍රදීප් දිසානායක සහ ඒ එම් සී ක්‍රිෂාන්ති යන ගුරුවරුන්ගේ මග පෙන්වීමද ඔහු ගෞරවයෙන් සිහිපත් කරයි.

බාසුරු විරාජිත ක්‍රීඩකයා ජාතික කරාතේ ශූරතා තරගාවලි දෙකක ජයග්‍රහණ වලින් පසුව පදක්කම් සහ සහතික අතැතිව සිටින අයුරු ඉහත ඡායාරූප වල දැක්වේ.

 

Share69Tweet43
Previous Post

නාන කාමරයේ රහස් කැමරා සවි කර බිරියගේ නැගනියගේ නිරුවත් දර්ශන බලලා අහුවන දොස්තරට යන එන මං නැති වෙයි!

Next Post

පොල් ගෙඩි 10ට මිනී මැරූ ඝාතකයා අත් අඩංගුවට…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.