සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දකුණට නොදැනුන උතුරේ ගංවතුර දුක… 10287ක් අනාථයි… නිවාස 108ක් මුලුමනින් විනාසයි… සැණකෙළි හමාරයි… උතුරේ නත්තල ගංවතුරට හේදෙයි!

by editor
දෙසැම්බර් 17, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

දෙසැම්බර් මස 8 වෙනිදා සිට උතුරු පළාතට නොකඩවා ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් අද ( 17 ) උදෑසන වන විට පවුල්  3885 කට අයත් වැසියන් 10287 ක් විපතට පත්ව සිටින බව ඒ ඒ පළාත් වල දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සංඛ්‍යා ලේඛනවල සදහන් වෙයි.

වැඩිම පිරිසක් විපතට පත්ව සිටින්නේ මුලතිව් දිස්ත්‍රික්කයේ වන අතර පවුල් 1063 කට අයත් පුද්ගලයින් 3083 ක් මුලතිව් දිස්ත්‍රික්කයේ විපතට පත්ව සිටිති.

කිළිනොච්චියේ පවුල් 984 කට අයත් පුද්ගලයෝ 2348 ක්ද,මන්නාරමේ පවුල් 712 ක පුද්ගලයෝ 1825 ක්ද,වවුනියාවේ පවුල් 614 කට  අයත් වැසියන් 1612 ක්ද, යාපනයේ පවුල් 512 කට අයත් වසියන් 1419 ක්ද ,වර්ෂාව හේතුවෙන් විපතට පත්වූවෝ අතර වෙති.

මේ පුද්ගලයින්ගෙන් පුද්ගලයින් 6789 ක් ආරක්ෂිත ස්ථාන කරා ගොස් ඇති අතර අනෙක් පිරිස ඥාතීන් සමීපයේ හා ඔවුන්ගේ ජලයෙන් යට වූ නිවාස තුළම ජීවත් වෙති.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ආරක්ෂිත ස්ථාන වලට පැමිණි ජනතාවට පිසූ ආහාර සපයා දීමටත් පැදුරු කොට්ට ලබා දීමටත් ඒ ඒ පළාත් වල ප්‍රාදේශීය ලේකම්වරුන් හා ආපදා කලමනාකරණ මධ්‍යස්ථාන වල නිලධාරීන් පියවර ගෙන ඇති අතර ,මෙම කටයුතු සදහා යුද හමුදාවද එක් වී සිටිති.

දේපල අලාභානි

වර්ෂාව හේතුවෙන්  මුලතිව් දිස්ත්‍රික්කය ඇතුලු සෙසු ප්‍රදේශ වල නිවාස  108 ක් සම්පූර්ණයෙන්ම   කඩා වැටී ඇත.

අර්ධ හානි සිදුව ඇති නිවාස සංඛ්‍යාව 364 කි.

උතුරේ ගොවීන් විසින් වගා කොට තිබූ කුඹුරුඅක්කර 21750 ක් ජලයට හසු වීම නිසා මුලුමනින්ම  විනාශ වී ගොස් තිබේ.

ඉන් අක්කර 6500ක් මුලතිව් පළාතේද කිළිනොච්චියේ 4900 ක්ද, මන්නාරමේ 3900 ක්ද ,වවුනියාවේ 3650 ක්ද ,යාපනයේ 2900 ක්ද වශයෙන් ගණන් බලා ඇත.

උතුරු පළාතට ඉතා දීර්ග කාලයක් තිස්සේ බලපා අති අයහපත් කාලගුණික තත්ත්වය නිසා නොවැම්බර් මස 22 දා සිට ධීවරයින්ට මුහුදු යාමට අවස්ථවක් උදා වී නොමත.

 හමුදාවේ මෙහෙයුම්…

මුලතිව් කණ්ඩාවලෙයි ඇතුළු ගම්මාන හතරකට කොටු වී සිටි පවුල් 178 කට අයත් පුද්ගලයින් 512 ක් යුද හමුදා නිලධාරීන් විසින් බේරා ගෙන ආරක්ෂිත ස්ථාන කරා ඊයේ ( 16) රැගෙන ආහ.

අධික වර්ෂාව නිසා ගලා ගිය වැසි ජලයෙන් මහා මාර්ග සියල්ලම යට වී නිවෙස් තුළට ජලය ගලා ඒම නිසා මේ පිරිසට ආරක්ෂිත ස්ථානයක් වෙත යාමට නොහැකි තත්ත්වයක සිටියහ.

මේ පිළිබදව මුලතිව් දිසාපති කාර්යාලය විසින් පළාතේ යුද හමුදා සේනාංක දැණුම්වත් කිරීමෙන් පසුව යුද හමුදා නිලධාරීන් ආරක්ෂිත උපකරණ හා ජලයේ ගමන් කළ හැකි  යුද හමුදාව සතු ඉතා උසින් යුතු බෆල් රථ  රැගෙන විත් තිබේ.

එහෙත් ජල ධාරිතාවය වැඩි නිසා යුද හමුදාවට එම වාහනවලින් ගමන් කිරීමට   පවා නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබූ අතර අවස්ථා කීපයකදීම එම වාහනද ජලය මතම ක්‍රියා විරහිත වී ඇත.

කෙසේ වෙතත් යුද හමුදා නිලධාරීන් දැඩි පරිශ්‍රමයක් දරා ජලයට කොටු වී සිටි වැසියන් පිරිස බේරා  ගෙන     බස් රථවල පටවා ආරක්ෂිත ස්ථාන කරා රැගෙන විත් තිබේ.

දෙමළ දේශපලනඥනයින් මෙම පළාත් වල සිටින හමුදා සේනාංක වලට වහාම ඉවත් වන ලෙස බලපෑම් කරණු ලැබූවත් සෑම වසරකදීම මුලතිව් කිළිනොච්චි පළාත් වලට ගංවතුර තර්ජන පැමිණි වහාම ඔවුන්ව බේරා ගෙන ගොස් ආහාර පාන ඇතුළු සියලු දෙයින් සංග්‍රහ කරණු ලබන්නේ යුද හමුදා නිලධාරීන් විසිනි.

මේ නිසා එම පළාත් වල සාමාන්‍ය ජනතාව යුද හමුදාව සමග ඉතා සමීපව කටයුතු කරමින් සිටිති.

Tags: නවතම
Share69Tweet43
Previous Post

උණවටුන සංචාරක නිවස්නයක ලැගුම්ගෙන සිටි හංගේරියානු කාන්තාවක් නිවස තුළම මිය යයි!

Next Post

සිකුරාදා වැලිගම වෙඩි තැබීම  ඩුබායිහි සැඟවී සිටිනා මිදිගම චූටිගේ වැඩක්… වෙඩි වැදුන එක් අයෙකුට අසාධ්‍යයයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.