ලලිත් චාමින්ද –
උණවටුන, මහරඹපාර, සියඹලාගහවත්ත ප්‍රදේශයේ විලා එකක නවාතැන්ගෙන සිටි හන්ගේරියානු ජාතික විදේශිය කාන්තාවක් හදිසියේ මියගොස් ඇති බැවි හබරාදුව පොලිසිය පවසයි.
මෙම සංචාරක නිවස්නය හබරාදුව මැටරඹ ප්‍ර දේශයේ පදිංචි කාන්තාවකට අයත් එකකි. 78 හැවිරිදිවියේ පසුවන විදේශිය කාන්තාව සැප්තැම්බර් මස 01 වැනිදින සිට මෙම නිවසේ නවාතැන්ගෙන සිට ඇත.
නිවසේ නවාතැන්ගෙන සිටි විදේශිය කාන්තාව නිවසේ දක්නට නොමැති නිසා නිවෙස්හිමිකාරිය ඊයේ (16) පෙරවරුවේ නිවසට ගොස් පරික්ෂාකොට ඇත. ඇය වැසිකිළියේ කොමඩ් එක මත වාඩිවි සිහිසුන්ව සිට ඇත.
මේ පිළිබද ඇය හබරාදුව පොලිසියට දැනුම් දි ඇති අතර විදේශිය කාන්තාව මියගොස් ඇති බවට අනාවරණය කරගැනිමෙන් පසු දේහය කරාපිටිය ශික්ෂණ රෝහලට රැගෙන ගොස් තිබේ.
මෙම විදේශ ජාතික කාන්තාව කලක සිට හෘදයාබාධයකින් පෙලි ඇති අතර එම රෝගය සඳහා ප්‍රතිකාර ලබමින් සිට ඇති බවට අනාවරණය වි ඇත.