ලලිත් චාමින්ද –
දක්ෂිණ අධිවේගි මාර්ගයේ පින්නදුව පිවිසුම ආසන්නයේ 97 වැනි කිලෝමිටර කණුව අසල දී කුඩා ප්‍රමාණයේ කාර් රථයක් අද (05)අළුයම ගිනිගෙන ඇති බැව් අධිවේගි මාර්ගයේ පින්නදුව පොලිස් ස්ථානය පවසයි.
මෙම මොටර් රථය පදවාගෙන පැමිණි පුද්ගලයාට කිසිදු අනතුරක් වි නැත.
ඔහු අද උදෑසන කොළඹ බලා යාම සදහා පින්නදුව පිවිසුමෙන් අධිවේගී මාර්ගයට ඇතුල් වි ඇති අතර අධිවේගිමාර්ගයේ 97 වැනි කිලෝමිටරයේ දි එකවරම මෝටර් රථයෙන් දුමක් පැමිණ ඇත. පසුව මෝටර් රථය පදවාගෙන පැමිණි පුද්ගලයා මොටර් රථයෙන් බැස ඇත.
ඉන්පසු එකවරම දුම වැඩිවි මෝටර් රථය ගිනිගෙන තිබේ. මෝටර් රථයේ ඉදිරිපසට දැඩිලෙස හානිවි ඇති අතර පිටුපස අසුන් ගිනි ගැනිමෙන් හානියට පත්ව ඇත.
අධිවෙගි මාර්ගයේ පින්නදුව පොලිස් ස්ථානයේ ගිනිනිවන රථයක් පැමිණ ගින්න නිවා දැමිමට කටයුතු කළ බව අධිවේගි මාර්ගයේ පින්නදුව පොලිස් ස්ථානය පවසයි.