දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 11 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
පෞද්ගලික බස් රථයක් සහ ලොරි රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර දක්ෂිණ අධිවේගී මාර්ගයේ බද්දේගම සහ කුරුඳුගහ – හැතැක්ම අතරදී මෙම අනතුර සිදුව ඇත.
අනතුර හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ බද්දේගම සහ කුරුඳුගහ හැතැක්ම අතර බර වාහන ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව පොලිසිය පවසයි.
අනතුරුට ලක් වූ පුද්ගලික බස් රථය අම්බලන්ගොඩ, වතුගෙදර ප්‍රදේශයේ පිරිසක් අම්පාර දීඝවාපී පුදබිමේ පැවැත්වෙන ශ්‍රමදානයක් වෙනුවෙන් දායක වීම සඳහා ගමන් කරමින් සිටියදි මෙම අනතුරට ලක් වූ බව වාර්තා වේ.
දක්ෂිණ අධිවේගී මාර්ගය නවතා තිබූ ලොරි රථයක බස් රථය ගැටී අනතුර සිදුවී තිබේ.
තුවාල ලැබූවන් කරාපිටිය සහ ඇල්පිටිය රෝහල්වලට ඇතුළත් කර ඇත.







