ලලිත් චාමින්ද –
දකුණු පළාතේ පුද්ගලික හා ශ්‍රිලංගම බස්රථ සදහා ක්‍රියාත්මකව පවතින එකාබද්ධ කාලසටහන් ක්‍රමය මහා මාර්ගයේ නිසි අයුරින් ක්‍රියාත්මක වෙනවාද කියා සොයා බැලීම සඳහා ජි.පි.එස් තාක්ෂණය උපයෝගිකරගෙන තොරතුරු තාක්ෂණික පද්ධතියක් මගින් ඉදිරියේ දි අධික්ෂණය කිරීමට සැලසුම්කොට ඇති බැව් දකුණු පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල් රාජා කුමාර පවසයි.
දකුණු පළාත තුළ එකාබද්ධ කාලසටහන් ක්‍රමය සියයයට සියයක් ක්‍රියාත්මක වන බවත්. එමෙන්ම එකම ධාවන කාලසටහන එකම ධාවකයින්ට නොලැබෙන අයුරින් ධාවකයින්ට සාධාරණ අවස්ථා ලැබෙන අයුරින් කාලසටහන් ක්‍රමයක් සකස්කොට ඇති බවද හෙතෙම පවසයි.
මෙම ධාවන කාලසටහන් ක්‍රමය මහාමාර්ගයේ නිසි අයුරින් ක්‍රියාත්මක වෙනවාද යන්න සොය බැලිය යුතු බවත් ඒ පිළිබද මගි ජනතාවට ගැටලුවක් පවතින බවත් දකුණු පළාත් මාර්ගස්ථ මගි ප්‍රවාහන අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල්වරයා පෙන්වාදෙයි.
දකුණු පළාතේ ගමන්වාර 14406ක් දෛනිකව ක්‍රියාත්මක වන අතර දෛනික බස්රථ නැවතුම් ස්ථාන දස ලක්ෂ විසිදහසක් බවද හෙතෙම පවසයි.
මෙවා අධික්ෂණය කළයුත්තේ තොරතුරු තාක්ෂණ පද්ධතියක් මගින් බවත් මෙකි එකාබද්ධ කාලසටහන් ක්‍රමය නිසි අයුරින් මහාමාර්ගයේ ක්‍රියාත්මක වෙනවානම් මිනිස් පැය මිලයන ගණනක් ඉතිරිකරගත හැකි බවත් රාජා කුමාර පෙන්වා දෙයි. මේ පිළිබද අදහස් දක්වමින් හෙතෙම මෙසේද කිවේය.
“සියලුම බස්රථ ධාවකයින්ට ආදයම සාධාරණව බෙදියන අයුරින් ධාවන කාලසටහන් ක්‍රමයක් සකස් කොට තියෙනවා. එකාබද්ධ කාලසටහන් ක්‍රමය සියයට සියයක් ක්‍රියාත්මක වෙනවා. දකුණු පළාත තුළ පමණයි මෙම කාලසටහන් ක්‍රමය ක්‍රියාත්මක වෙන්නේ. එකාබද්ධ කාලසටහන් ක්‍රමය මහා මාර්ගයේ නිසි අයුරින් ක්‍රියාත්මක වෙනවාද කියා අධික්ෂණය කිරිමේ අඩුවක් තියෙනවා. ඉදිරියේ දි එය තොරතුරු තාක්ෂණ පද්ධතියක් හාරහා අධික්ෂණය කිරිමට බලාපොරොත්තු වනවා…” හෙතෙම වැඩිදුරටත් සදහන් කළේය.







