අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තේ වගාව මත සූරිය පැනල… රටේ ආර්ථික ගැටලුවටත් බලශක්ති අර්බුදයටත් එක්වර උත්තර හොයන හැටි පේරාදෙණිය විද්වත්හු පෙන්වා දෙති!

දකුනු ආසියාවේ පළමු වතාවට තේ වගාව මතට සූරිය පැනල... හන්තානේ දී ව්‍යාපෘතිය සාර්ථකව දියත් කරයි...

by editor
මාර්තු 28, 2024
in පුවත්, සමාජ
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

තේ වගාව මත සූරිය පැනල සවි කර විදුලි උත්පාදනය කිරීමේ ව්‍යාපෘතියක් දකුණු ආසියාවේ ප්‍රථම වතාවට දැන් අපේ රටේ ක්‍රියාත්මකය.

තේ ගස්මත සවිකරන ලද සූර්යබලශක්ති උප්පාදන පැනල මගින් විදුලි ජලනය කිරීමේ මෙම ව්‍යාපෘතිය ආරම්භ වී ඇත්තේ    මහනුවර හන්තානයේය.

ලෝකයේ කාලගුණ විපර්යාසයන් සමග මෙවන් ව්‍යෘපෘතියක අවශ්‍යතාවය රටට හඳුන්වා දෙන්නට කටයුතු කලේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ විදුලි සහ විද්‍යුත් ඉංජිනේරු  දෙපාර්තමේන්තුවේ මහාචාර්ය ජනක ඒකනායක ය. රටේ බලශක්ති අවශ්‍යතාවය තෘප්ත කරන අතරම    ගොවි ජනතාවගේ ආර්ථික හා ජීවන තත්ත්ව   නගා සිටුවීම මෙම ව්‍යාපෘතියේ අරමුණ ය.

විදුලිය අපට කොතරම් අත්‍යවශ්‍ය බලශක්ති සාධකයක් වුවද මේ වන විට පවතින ආර්ථික අර්බුදය හමුවේ එය අධික ලෙස සීමා කිරීමට සිදුව තිබේ. ලෝකයේ විදුලි බිල ඉහළ අගයක් ගන්නා ප්‍රමුඛ පෙළේ රටක් වන්නේද ශ්‍රි ලංකාවය.  විදුලි බලයට ආදේශක ලෙස වෙනත් බලශක්ති සාධකයන් කොතෙක් තිබුණද ලංකාව වැනි සමකයට ආසන්න හිරුඑළිය හොඳින් ඇති රටකට වඩාත් ඵලදායක බලශක්ති ප්‍රභවයක් ලෙස හිරු එළිය යොදා ගත හැකිය. එමනිසා සූර්ය බලශක්තිය ප්‍රයෝජනයට ගන්නා සෝලා පැනල් , විදුලියට හොඳ ආදේශකයකි. එහෙත් තවමත් සෝලා පැනල් මිල දී ගැනීමට හෝ විකිණිමට   ශ්‍රී ලංකාවාසි ජනතාව නැඹුරු වී නැත .

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

කෙසේ වෙතත් පුනර්ජනනීය බලශක්තිය විෂයෙහි ලෝකයේ නව සොයාගැනීම් දිනෙන් දින සාර්ථක වෙමින් ඉදිරියට යයි. පේරාදෙණියේ විද්වතුන් විසින්    දකුණු ආසියාවේ පළමු අර්ධ සෝලා පැනල  හන්තාන තේයායක් මත ස්ථාපිත කර ඇත්තේ ඒ පර්යේෂණ ධාරාවේ වර්ධනීය අංශයක් ලෙසය.

එහි විශේෂත්වය වන්නේ වගාවක් මත එලන ලද සෝලා පැනල මගින් සුර්ය බල ශක්තිය රැස්කර ගන්නා අතරතුර , සාර්ථක තේවගාවක්ද පවත්වාගෙන යාමය. අතුරු වගාවන් යටතේ පවතින වගාවන් මත මෙලෙස සෝලා පැනල එලමින් බලශක්තිය උත්පාදනය කිරීමෙන් අත්වන වාසි බොහෝය .

මේ වන විට රටතුළ ඇති භුමිය ඍජුවම  සූර්ය බලශක්ති උත්පාදනයට යොදා ගැනිම පිණිස  වෙන් කර ගත් විට , කෘෂිකර්මාන්තයට ඇති ඉඩකඩ සීමා වනු ඇත. එසේම රටේ මැද හෝ දකුණු දෙසට වන්නට භූමිය පරිහරණය කිරිම අපහසු බැවින් මෙවන් නව ව්‍යාපෘත්ති බිහි කිරිම සදහා ඇති පෙළඹවිම ද අවම වී යයි. මෙතෙක් සූර්ය බලශක්ති ව්‍යාපෘති සම්බන්ධ තොරතුරු විශ්ලේෂණයේදි අප අසා දැක ඇත්තේද රටේ උතුරට වන්නට පමණක් මෙවන් ව්‍යාපෘති ආරම්භ වී ඇති ආකාරයකි.

මේ සම්බන්ධයෙන් මහාචාර්ය ඒකනායක මහතා පවසන්නේ මෙවැන්නකි.

“තේවගාව මත සිදුකරන මෙම ව්‍යාපෘතියේ සාර්ථකත්වයත් සමග අපි තවත් බෝග වගාවන් සම්බන්ධයෙන් අවධානය යොමු කොට තිබෙනවා. ඒ තවත් බෝගයක් තමයි වැනිලා.

වැනිලා වගාවට ඉහළින් තවත් බෝගයක් වැවීම සාමාන්‍ය ක්‍රමවේදයක්. එසේ සිදු කරන්නේ වැනිලා බෝගය සෙවන ප්‍රිය බෝගයක් නිසායි. ඒ වගේම දෙහිඅත්තකණ්ඩිය වගේ තැන්වල හරිතාගාර වගාවේදි එළිය සහ ජලවාෂ්පිකරණයේදි ඇති වන තත්ත්වයන් පිළිබදව සොයා බලා අර්ධ සූර්ය බල ශක්ති උත්පාදනයට සුදුසු පරිසරයක් ගෙන දෙන බවක් පෙන්වනවා. මේ සියල්ල පිළිබඳව පර්යේෂණ සිදු කරන්නේ , එම පරිසරය සූර්ය බල ශක්ති උත්පාදනයට සුදුසු බව පෙනෙන්නට තිබෙන නිසයි.”

“දැනට අපේ තේ ව්‍යාපෘතිය තුළ බිම් ජල සැපයුම මත කන්න තුනම වගා කිරිමේ හැකියාව තිබෙනවා. කන්න තුනම මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න සුදුසු පරිසරයක්ද නිර්මාණය වෙනවා. මේ තාක්ෂණය ලංකාව වැනි රටක සෙවන ප්‍රිය බෝග සදහාත් කර්කෂ  සූර්යය රශ්මිය අධික ප්‍රදේශ  සදහාත් යොදා ගත හැකියි.

සෝලා ඒකකයක් හෙවත් සූර්යය බල ශක්ති ඒකකයක් රුපියල් 34.25 ක් වෙනවා. ඒ අනුව , වසර පුරා ආදායම් ලැබිය හැකි පරිසරයක් ගොඩ නැගෙන බව මාගේ විශ්වාසයයි.

අනාගතයේ විවිධ පුහුණු වැඩසටහන් පවත්වා ගෙන යාමත් දැනුවත් කිරිම් සිදුකිරිමත් මත ජනතාව අතරට මෙම ව්‍යාපෘතින් රැගෙන යන්න පුළුවන්.  ආලෝකය අවම වීම මත අස්වනු යම්තරමක අවම වීමක් පෙන්වුවත්  වසර පුරාම වගාව පවත්වාගෙන යා හැකි බැවින් , ගොවියාට ආර්ථිකමය පාඩුවක් අත්විදින්නට සිදුවන්නේ නැහැ.

මේ සම්බන්ධයෙන්වන තොරතුරු ජනතාව අතරට ගෙනයාම රජයේ වගකීමක්. විශ්ව විද්‍යාලය මගින් පර්යේෂණ සිදු කරමින් රටේ බලශක්ති අර්බුදයට විසදුම් සොයමින් එම විසදුම් ප්‍රායෝගිකව රටේ ජනතාව අතරට ගෙනයන වැඩසටහන් ව්‍යාපෘති අපි සකස් කරමින් යන මොහොතක් මේ.

නව තාක්ෂණය පිළිබඳව ශ්‍රි ලාංකික ජනතාව දැනුවත් මදි. විශේෂයෙන්ම ගොවි ජනතාව මෙහි ලාභය පිළිබඳව දැනුවත් නම් ඔවුන් මේ සදහා යොමුවන බව නියතයි. කිලෝවොට්ස් සියයක් උත්පාදනය කර විකිණිය හැකි වුවහොත් ඩොලර් දාහක් උපයාගන්න ගොවියෙකුට හැකි වෙනවා.

වසර විස්සක් පුරා එක් ව්‍යාපෘතියක් පවත්වාගෙන යන නිසාම ලැබෙන ආදායම දිනෙන් දින ඉහළ යනවා. අක්කරයක භූමියක් හිමි කාට වුවත් මේ කටයුත්තට දායක වන්න පුළුවන් . ඒ විතරක් නෙවෙයි … අපි හිතමු හිමිකරුවන් කිහිපදෙනකු සිටින කුඩා ඉඩම් කිහිපයක් එක් භුමියක තිබෙනවා කියා. ඒ සියළු දෙනාට එකඟතාවයකට පැමිණ සූර්යයබල ශක්ති උත්පාදන ව්‍යාපෘතියක් ආරම්භ කරන්න පුළුවන්. සියළු දෙනාම දැනුවත් වීමයි අතිශය වැදගත්   .“

මේ තාක් සූර්යයබල ශක්ති උත්පාදනය සිදුවනු දැක ඇත්තේ නිවාස මත , පොළවේ හිස් අවකාශය මත හෝ ජලය මතය. වගාවක් මත සිදුවන මෙම සූර්යය පැනල මගින් ගොවි ජනතාවගේ අත මිට සරු වන්නේ නම් , ඒ සදහා යොමුවීමට දැන් කාලයයි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

” රටට හතුරු බලමුලු පරදවා බත බුලතින් සරුසාර රටක් උදෙසා ” අධිශ්ඨාන පූජාවක්!

Next Post

කළුතර සිසුන්ට ලබා දුන් එන්නතක් විස වේ… සිසුන් 10ක් රෝහලේ!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.