සුමිත් පොතුපිටිය –
කළුතර ප්‍රසිද්ධ පාසලක අද දහවල් සිසුන්ට ලබාදුන් එන්නතක් විසවිමෙන් සිසුන් 11 දෙනෙකු රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
7 සහ 8 ශ්‍රේණිවල ඉගෙනුම ලබන වයස අවුරුදු 12 සහ 13 වියේ පසුවන ළමුන් පිරිසක් මෙසේ රෝහල් ගතකර ඇති බව සඳහන් වේ..
කළුතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ වෛද්‍යවරුන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ගලපටල පිටගැස්ම එන්නත ලබාදී ඇති බවට වාර්තා වන බව වාර්තා වේ
එන්නත ලබාදීමෙන් පසු ළමුන් හුස්ම ගැනීමේ අපහසුතා, ක්ලාන්ත සහ බියට පත්වීම ඇතුළු විවිධ අසාත්මිකතා පෙන්නුම් කර ඇති බවත් සදහන් වේ.
අසනීප තත්ත්වයන් පෙන්නුම් සිසුන් ගිලන් රථ ගෙන්වා කඩිනමින් රෝහල් ගතකිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබේ.
කළුතර ගල්ලස්සේන ළමා හා කාන්තා රෝහලට යොමු කර ඇති බව රෝහලේ උසස් නිලධාරියෙක් පැවසීය.
රෝහල් ගතකර ඇති සිසුන්ගේ තත්ත්වය බරපතල නොවන බවද පැවසේ