ඉන්දියාව,ජපානය,තායිවානය සහ ශ්‍රී ලංකාව ඇතුළු රටවල තේ සංගම් සමඟින් රුසියානු තේ සංගමය විසින් සංවිධානය කරනු ලැබූ “තේ කලාව” (Art of Tea) ප්‍රදර්ශනයක් 2021 මැයි 26 වනදා මොස්කව්හි රුසියානු රාජ්‍ය පුස්තකාලයේ ප්‍රාචීන භාෂා මධ්‍යස්ථානයේදී පැවැත්විණ. මොස්කව්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තේ ප්‍රවර්ධන ඒකකය මෙම ප්‍රදර්ශනය සඳහා සහභාගි වී ලංකා තේ හඳුන්වා දෙනු ලැබීය.
ප්‍රදර්ශනයේ අරමුණ වූයේ පෙරදිග ලෝකයේ සහ රුසියාවේ විවිධ තේ සංස්කෘතීන් ආදර්ශනය කිරිමයි. තේ සංස්කෘතිය හා බැඳුණු දුර්ලභ පොත් පත්, සම්ප්‍රදායික තේ මැටි භාණ්ඩ සහ රුසියාව, චිනය, කොරියාව, තායිවානය, ඉන්දියාව, ශ්‍රී ලංකාව, මැද පෙරදිග හා මධ්‍යම ආසියානු රටවල්වල තේ සාම්පල මෙහිදී ප්‍රදර්ශනය සඳහා තබා තිබුණි. ප්‍රදර්ශනය සඳහා තේ පානය කිරීමේදි යොදාගන්නා පෝසිලේන් භාණ්ඩ කිහිපයක් ද තානාපති කාර්යාලය සපයා තිබූ අතර ඒවා වෙනම වීදුරු ඇසුරුමක ප්‍රදර්ශනය කෙරිණි.
එහිදී රැස්ව සිටි පිරිස අමතා තානාපති කාර්යාලයේ තෙවැනි ලේකම් ට්‍රිශාන් ද සිල්වා මහතා ලංකාවේ තේ සහ එහි ඉතිහාසය පැහැදිලි කර දෙන ලදි.සංවිධායකයන්ගෙන් ලැබුණු සහයෝගය අගය කළ ඔහු අනාගතයේ ඔවුන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට තානාපති කාර්යාලය සූදානමින් සිටින බව පැවැසීය. සැබෑ තේ පිළිබඳ ආධුනිකයන් සිය දෙනෙකුට ආසන්න පිරිසක් ප්‍රදර්ශනය නැරඹීමට පැමිණ සිටියේය.
තේ රස බැලීම සඳහා වෙන් කර තිබූ ප්‍රදේශයේ විශාලම කුටිය ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ලංකා තේ කුටිය වූ අතර එය ඉතා ආකර්ෂණීය ලෙස සකසා තිබුණි. එහි කවුන්ටරයට පිටුපසින් ලංකා තේ පිළිබඳ විස්තර ඇතුළත් දැන්වීම් තබා තිබූ අතර තේ පිළිබඳ තොරතුරු ඇතුළත් විස්තර පත්‍රිකා හා අත් පත්‍රිකා වෙනම රාක්කයක තබා තිබුණි. ප්‍රදර්ශනයේ මුළු කාලය පුරාම ලංකා තේ පිළිබඳ විඩියෝවක් රූපවාහිනී තිරයක ප්‍රදර්ශනය කරන ලදි. ප්‍රදර්ශනය නැරඹූ සියලු දෙනා සඳහා කලාප හතක තේ පිළිගන්වන ලදි. බොහෝ නරඹන්නන්ගේ අදහස වූයේ ප්‍රදර්ශනයේ වඩාත්ම කැපී පෙනෙන සහ ජනප්‍රිය තේ කවුන්ටරය ලංකා තේ කවුන්ටරය බවයි.