අද (20) රාත්‍රී 7.10ට පමණ යතුරුපැදියකින් පැමිණි කුලී ඝාතකයින් දෙදෙනෙක් විසින් මාතර තෙලිජ්ජවිල මංසන්ධියේ දී 24 තරුණයෙක් වෙඩි තබා ඝාතනය කර ඇති බව පොලීසිය පවසයි.
ඝාතනය කර ඇත්තේ වැලිපිටිය ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි. ඔහු ඇඟලුම් කම්හලක සුපවයිසර් වරයෙක් ලෙස සේවය කරන අපරාධ පිලිබඳව කිසිම ඉතිහාසයක් හෝ සම්බන්ධතාවයක් නොමැති තරුණයෙක් බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
මෙම තරුණයා මිතුරෙකුගේ ජංගම දුරකථන අලෙවි සලක් තුළ සිටියදී ඡායා පිටපතක් ලබා ගත හැකිදැයි දැනගන්නට මෙන් කඩය තුළට පැමිණි වෙඩික්කරුවා අවට නිරීක්ෂණය කර පිටව ගොස් එක්වරම පැමිණ තරුණයා ඉලක්ක කරගෙන වෙඩි තබා ඇතැයි වාර්තා වේ.
වෙඩි වැදුන තරුණයා එම ස්ථානයේදීම මිය ගොස් තිබේ.
ඝාතනයට හේතුව හෝ වෙඩික්කරුවන් පිළිබඳ මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති බව පොලීසිය පවසයි.







