ඉන්ධන මිල වැඩි වීම සම්බන්ධයෙන් වගකීම භාරගෙන විෂයභාර අමාත්‍ය උදය ගම්මන්පිල මහතා වහාම ඉල්ලා අස්විය යුතු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.
කොවිඩ් අර්බුදය හේතුවෙන් රටේ ජන ජීවිතය අඩාල වී ජනතාව ආර්ථික වශයෙන් අපහසුතාවයට පත් වී ඇති අවස්ථාවක ඛනිජ තෙල් මිල ඉහලට දමා ජනතාව අපහසුතාවයට පත් කිරීම මෙන්ම ආණ්ඩු පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එහි නායකයින් අප්‍රසාදය පත්කිරීමට උවමනාවෙන්ම ඔහු විසින් ගත් තීන්දුවක් බව එම පක්ෂය චෝදනා කරයි.
අදාළ නිවේදනය පහත දැක්වේ.