අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වැඩි කළ ඉන්ධන මිලෙන් IOC ගොඩ ගිය හැටි… පෙට්‍රල් ලීටරයකින් තෙල් සංස්ථාව ලබන ලාභය වගේ දෙගුණයක්..

by editor
ජූනි 12, 2021
in පුවත්
IOC
Share on FacebookShare on Twitter

තෙල්මිල වැඩි කිරීමෙන් පසු සෑම පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයකින්ම රුපියල් 12.84ක දැවැන්ත ලාභයක් අයි.ඕ.සී සමාගම ජනතා බදු මුදලින් ලබා ගන්නා බවත් එම මුදල තෙල් සංස්ථාව ලබන ලාභය මෙන් දෙගුණයක් බවත් වාර්තා වේ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති විසින් මේ බව හෙළි කරනු ලැබුවේ අද ජනතා විමුක්ති පෙරමුණු කාර්යාලයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදීය.

එහිදී හිටපු මන්ත්‍රීවරයා මෙසේ ද ප්‍රකාශ කළේය.

මේ මිල වැඩිවීමෙන් ඉන්දියාවෙ අයි.ඕ.සී. සමාගමටත් විශේෂ වරප්‍රසාද ලබාදී තිබෙනවා. 92 පෙට්‍රල් මිල දැන් රුපියල් 157 දක්වා වැඩි වී තිබෙනවා. මේ 157 ගණනය කරන්නේ ගොඩබෑමේ වියදම රු.97.70ක්, සැකසුම් වියදම් හැටියට 10.60ක්, මූල්‍ය පිරිවැය ලෙස රු. 1.84ක් සහ රුපියලක පරිපාලන වියදම් සමග රු.39.33ක බද්දක් එකතුකර කරලා. එසේ කර රුපියල් 150.54ක මුළු වියදමක් ගණන් හදනවා. ඊට ලාභයක් ලෙස සැම පෙට්‍රල් ලීටරයකටම රුපියල් 6.44ක් එකතු කර තමයි රු. 157ක නව මිල තීරණය කරන්නේ. ඒ ලාභය තමයි තෙල් සංස්ථාවට එකතු වෙන්නේ.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

මේ ලාභය අයි.ඕ.සී. එකටත් දෙනවා. ඒත් අයි.ඕ.සී සමාගම විසින් නොදරන, එහෙත් තෙල් සංස්ථාව විසින් පමණක් දරන රුපියල් 6.14ක මුදලක් මේ ලීටරයක මිල ඇතුළෙ තිබෙනවා.

සංස්ථාව ලෝක වෙළෙඳපලෙන් තෙල් මිලදී ගන්නේ ණයවර ලිපි මගින්. ඒ ණයවර ලිපියකටම යන වියදමක් ලෙස හැම ලිටරයකටම මුදලක් එකතු වෙනවා. බැංකු ණය ක්‍රියාවලියට, කල් ඉකුත් වුනාම සැපයුම්කරුගේ පොලිය ලෙස මෙහෙයුම් ගාස්තු ලෙස, රුපියලේ උච්චාවචනය හා මෙහෙයුම්වලදී සිදුවන මූල්‍ය පාඩුව ලෙස එකතුවන මේ මුදල රුපියල් 6.16ක්. ඒ වියදම අයි.ඕ.සී සමාගම දරන්නෙ නෑ.

එසේ තිබිය දී සෑම ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයකින්ම රුපියල් 12.84ක ලාභයක් අයි.ඕ.සී සමාගම ලබනවා. තෙල් සංස්ථාව ලබනවාට වඩා දෙගුණයක ලාභයක්. අනෙක් සෑම ඉන්ධනයකින්මත් ඔවුන් මේ ආකාරයට තෙල් සංස්ථාව වගේ දෙගුණයකට ආසන්න ලාභයක් ලබනවා…

මිනිස්සු මේ ගෙවන්නෙ අතිශය බිහිසුණු කාලයක් බවත්, සමස්ථ ජනතාවගේම ආදායම බිඳ වැටී ඇති මොහොතක ආණ්ඩුව මේ ආකාරයට ඉන්දීය සමාගමකට ජනතාව සූරාගෙන කෑමට ඉඩදීම අපරාධයක් බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පෙන්වා දුන්නේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල සියලු තොග දින 07කින් හෙළි කළ යුතුයි… විශේෂ ගැසට් නිවේදනයකින් නියෝගයක්…

Next Post

තෙල් මිල වැඩි කළ ගම්මන්පිල ඉල්ලා අස්විය යුතුයි – පොහොට්ටුවෙන් නිවේදනයක්

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.