අද රාත්‍රී 10 වනවිට සපුගස්කන්ද ඩීසල් විදුලි බලාගාරයේ විදුලි උත්පාදන කටයුතු අඩපණ වීමට නියමිත බවත්, ඩීසල් හා නැප්තා තොග අවසන්වීමත් සමග ඊයේ කැලණිතිස්ස විදුලි බලාගාරය අක්‍රීය වූ බවත් විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කරයි.
කැලණි තිස්ස විදුලි බලාගාරය අක්‍රීයවීමෙන් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 300 ධාරිතාවක් මුදා හැරිම නැවතී තිබිණි. සපුගස් කන්ද බලාගාරය අක්‍රීය වීමත් සමග අද රාත්‍රී 10 වනවිට සමස්ථ විදුලි බල පද්ධතියට ලැබෙමින් තිබුණු මෙගාවෝට් 450ක ධාරිතාවක් අහිමි වීමට නියමිතය.
මේ තත්වය තුළ පද්ධතිය ස්ථාවරව පවත්වා ගැනීම සඳහා විදුලි ඉල්ලුම අධික අවස්ථාවල දී පැය එක හමාරකට වැඩි කාලයක විදුලි කප්පාදුවක් සඳහා යෑමට සිදුවනු ඇතැයි විදුලි ඉංජිනේරුවරු පැවසුවත් ස්ථාවරව විදුලිය ලබා දීම රජයේ අභිප්‍රාය බව විදුලිබල ඇමති ගාමිණී ලොකුගේ කියයි.