නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරයේ ජීවත්වන ශ්‍රී ලාංකික තරුණ ව්‍යවසායකයකු වන චේ(චේතන) දෙල්පච්‍රිත්‍ර පසුගියදා නව පාවහන් සන්නාමයක් හදුන්වා දී තිබේ.
CHE – Shoes නම් වන මෙම පාවහන් සන්නාමය හදුන්වාදීම 2022 ජනවාරි 16 වන ඉරිදා නවසීලන්තයේදී සිදු විය.
මෙම පාවහන් ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ සිටින අයට අන්තර්ජාලය ඔස්සේ මිලදී ගත හැකි අතර ඉදිරි කාලයේදී රටවල් ගණනාවක් දක්වා එය ව්‍යාප්ත කරන බව චේ අප සමග පැවසීය.
CHE Shoes හරහා තමන්ට කැමති ආකාරයට තමාටම අනන්‍ය වූ විලාසිතාවලින් පාවහන් නිර්මාණය කරගැනීමේ හැකියාව පැවතිම මෙහි ඇති විශේෂත්වයයි.
ක්‍රීඩා සඳහා පමණක් නොව එදිනෙදා පැළඳීමටත් මෙම පාවහන් කදිමයි. CHE Shoesවල අරමුණ වන්නේ පහසු සහ වඩාත් කල් පවත්නා පාවහන් ඔබ වෙනුවෙන් නිර්මාණය කරදීමයි.
චේ දෙල්පච්‍රිත්‍ර කලක් තිස්සේ වාසය කරන්නේ නවසීලන්තයේ ය.
ඔහු කොළඹ මහානාම විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.
චේ දෙල්පචිත්‍ර කලක් ශ්‍රී ලංකාවේ මුද්‍රිත සහ ඉලෙක්ට්‍රොනික මාධ්‍යවලට සම්බන්ධ වී කටයුතු කළ අයෙකි.