මෙරටට ඛනිජ තෙල් නිෂ්පාදන මිලදී ගැනීම සඳහා ඉන්දියාවෙන් ලබාදෙන ඩොලර් මිලියන 500 ක ණය ගිවිසුමට අද අත්සන් තබා තිබේ.
ඉන්දියා එක්සිම් බැංකුව විසින් ශ්‍රී ලංකා භාණ්ඩාගාරය සමඟ මෙම ගිවිසුම අත්සන් තැබිණ.
මුදල් අමාත්‍ය රාජපක්ෂ සහ මෙරට ඉන්දීය මහ කොමසාරිස්වරයා ඉදිරියේ අදාළ ගිවිසුම් අත්සන් කරන ලදී.
මේ පිළිබඳ සටහනක් තබමින් ඉන්දීය මහ මහ කොමසාරිස් කාර්යාලයේ පවසා තිබුණේ ‘අවශ්‍යතාවයේදී සිටින මිතුරා සැබවින්ම මිතුරෙකි’ යන පැරැණි කියමන ද සිහිපත් කරමින්ය.