ශ්‍රි ලංකාවේ ජනතාව ආහාර සඳහා වැයන වන වියදම් උග්‍රවීම සහ ආහාර ඇතුළු අත්‍යවශ්‍ය දුව්‍ය හිගවීම හේතුවෙන් දැඩි පිඩනයක සිටින පසුබිමක් තුළ ශ්‍රි ලංකාව තම විදේශ ණය ගෙවා දැමීමට කටයුතු කර ඇති බවට සිංගප්පූරුවේ ප්‍රධානතම පෙළේ පුවත්පතක් වන ස්ට්‍රේට් ටයිම්ස් පුවත්පත විවේචනාත්මක වාර්තාවක් පළ කර තිබේ.
එම පුවත්පතේ බැංගලෝරයේ වාර්තාකාරිනියක විසින් පළ කරන ලද මෙම වාර්තාව මඟින් පෙන්වා දී ඇත්තේ මේ වනවිට රටේ ඇතැම් කඩ සාප්පුවල ආහාර ද්‍රව්‍ය හිගය නිසා රාක්ක හිස්ව ඇති අතර ඇතැම් ආපනශාලා වසා දැමීමට පවා සිදුව ඇති බවයි.
ආහාර ද්‍රව්‍ය හිගය මෙන්ම අධික උද්ධමනය මැද ආහාර දුව්‍ය මිල ඉහළ යාම දරාගත නොහැකිව පවතින තත්ත්වයක් පවතින පසුබමික් තුළ මේ පිළිබඳව නොසලකා විදේශ ණය ගෙවීමට ශ්‍රි ලංකා රජය උත්සුක වීම පිළිබඳව රට තුළ විවාදාත්මක තත්ත්වයක් නිර්මාණය වි ඇති බවටද එම මාධ්‍ය සඳහන් කර තිබේ.
මේ වනවිට ශ්‍රි ලංකාවේ උද්ධමනය සියයට 14ක් දක්වා ඉහළ මට්ටමකට ගොස් ඇති අතර ජනතාව කුසගින්නේ සිටින අතරේ මෙවැනි විදේශ ණයක් ගෙවීම පිළිබද ව එම පුවත්පත විවේචනාත්මක වාර්තාකරණයක් සිදුකොට ඇත.
එම වාර්තාවට අනුව ශ්‍රි ලංකාව මේ වනවිට ජාත්‍යන්තර ණය වර්ගීකරණ ආයතන විසින් පහත දමා ඇති අතර මේ තත්ත්වයන් ඉහළට පැමිණිම සඳහා පවතින විදේශ ණය නියමාකාරයෙන් ගෙවා දැමිය යුතු බවට විශ්වාස කරයි. එසේ වුවද විශේෂඥයන් සහ විපක්ෂය ඇතුළු පිරිසක් පවසන්නේ මේ අවස්ථාවේදි මෙම ණය සාකච්ඡා කොට ගෙවීමට කල් ලබා ගෙන පවතින සොච්චම් විදේශ සංචිත රටේ ජනතාවට මේ වනවිට දැවෙන ප්‍රශ්නයක් බවට පත්ව ඇති අත්‍යවශ්‍ය ආහාර ඉන්ධන කිරි පිටි ඇතුලු ආනයන සඳහා එම මුදල් යෙදවිය යුතු බවය.
එසේම මෙම පුවත් වාර්තාව දක්වා ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලැබුණු දුර්වල උපදේශ මත ක්‍රියාත්මක වුනු ලෝකයේ කාබනික ආහාර භාවිත කරන එකම රට බවට පත් කිරීමේ වෑයම හේතුවෙන් රටේ කෘෂි විපතක්ද මේ වනවිට සිදුව ඇති බවය. එය සිංගප්පූරුවේ ස්ට්‍රේට් ටයිම්ස් පුවත් පත හඳුන්වා දී ඇත්තේ මිනිසා විසින් නිර්මාණය කරන ලද කෘෂි අර්බුදයක් ලෙසය. මෙම තත්තවය තුළ එළවලු වර්ග අස්වැන්න අඩුවී ඇති අතර ඒවායේ මිල අතිශයින්ම ඉහළ මට්ටමක පවතින බව පුවත් පත පෙන්වා දෙයි. මේ සියලු තත්ත්ව මත ආහාර සම්බන්ධ උද්ධමනය පසුගිය දෙසාම්බර් මාසය වනවිට සියයට 21.5ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙය පසුගිය 2020 වසරේ දෙසාැම්බර් මස පැවතී ඇත්තේ සියයට 7.5ක අගයකය.